Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

30th June 2022 00:00:00 Hours

අන්තර් රෙඡිමේන්තු දැල් පන්දු තරගාවලිය - 2022

අන්තර් රෙඡිමේන්තු දැල්පන්දු තරගාවලිය 2022 ඡුනි මස 22 දින සිට 2022 ඡුනි මස 30 වන දින දක්වා තරග කණ්ඩායම් 7ක සහභාගිත්වයෙන් පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වින. එම තරගාවලියෙහි තුන්වන ස්ථානය ශ්‍රීලංකා සංඥා බලකායේ ක්‍රිඩිකාවන් විසින් දිනාගන්නා ලදි. මෙම තරගාවලිය අවසන් දිනය වන 2022.06.30 දින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඡ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහභාගි වූ අතර, ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බලකාධිපති මේඡර් ඡෙනරාල් ලලිත් හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඡ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහ සංඥා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියද එම උත්සවය සදහා සහභාගි විය.