Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

12th February 2023 13:25:43 Hours

7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය සිය 15 වන සංවත්සරය සමරයි

7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය සිය 15 වන සංවත්සරය 2023 පෙබරවාරි 08 වන දින අභිමානයෙන් සමරන ලදී.

සංවත්සර දින වැඩසටහනේ පළමු අංගය ලෙස අන්තර් බලඝණ ක්‍රිකට් තරග සහ වොලිබෝල් තරග 2023 ජනවාරි 21 සහ 22 යන දිනවල පැවැත්විණි.

මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා අණදෙන නිලධාරී සහ සියලු නිලයන් විසින් ආගමික වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී. 2023 ජනවාරි මස 27 වන දින මහමෙව්නා අසපුව කුඹල්වෙල දී බෝධි පූජා පිංකම සහ කොඩි ආශිර්වාද පිංකම පැවැත්විණි. 2023 පෙබරවාරි 01 වන දින මියගිය රණවිරුවන්ගේ දෙමාපියන් සහ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් රාත්‍රී පිරිත් සජ්ඣායනාවක් පවත්වන ලදී. පසුදින උදෑසන සංවිධානය කරන ලද දානමය පිංකමක් සහ මියගිය රණවිරුවන්ගේ සෑම පවුලකටම රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් සමරු තිළිණ ප්‍රධානය කෙරිණි.