Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

16th June 2022 15:30:42 Hours

6 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය (තොතා) සිය 8 වන සංවත්සරය සමරන ලදී

6 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය 2022 ජුනි 16 වන දින සිය 8 වන සංවත්සරය ඒකක මුලස්ථාන පරිශ්‍රයේදී අභිමානවත් ලෙස සමරන ලදී.

සංවත්සර දිනයට සමගාමීව 2022.06.16 වන දින ඒකක අණදෙන නිළධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව්.පී.ඩී.එන්. අබේරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හට ඒකක සෙනීන් විසින් සම්මාන මුරයක් පිරිනමන ලදි. ඉන්පසු එතුමන් විසින් ඒකක භූමියේ පැළයක් රෝපණය කල අතර, ඒකකයේ නිළධාරි/සෙනීන් සමගින් සමූහ ඡායාරූපයක්ද ලබාගන්නා ලදි. අවසන් වශයෙන් අණදෙන නිළධාරී තුමා ඒකක සෙසුනිල භෝජනාගාරයේ පැවති සියළු නිල දිවා භෝජන සංග්‍රහයට සහභාගී විය.

තවද, භට පිරිස් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ක්‍රිකට් තරගාවලියක් සහ වොලිබෝල් තරගාවලියක් පවත්වන ලදී. එමෙන්ම යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළ විරුවන් හට පින් අනුමෝදන් කරමින් බෝධි පූජා පිංකමක් ද පවත්වන ලදී.

6 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකාය (තොතා) වෙත සිය දහදිය කැප කරන සෑම සිවිල් සේවකයෙකුටම අණදෙන නිලධාරි විසින් තිළිණයන් ප්‍රදානය කරන ලදී.