Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

31st March 2023 00:00:00 Hours

58 වැනි යුද හමුදා මළල ක්‍රීඩා තරගාවලියේ සංඥා බලකා කාන්තා ක්‍රීඩිකාවන් අනුශූරතාව හිමිකර ගනී

2023 මාරතු 29, 30 සහ 31 යන දිනයන්හිදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති 58 වැනි යුද හමුදා මලල ක්‍රීඩා උළෙලේදී ලකුණු 204 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා සංඥා බලකායේ ක්‍රීඩිකාවන් අනුශූරියන් බවට පත්විය. කාන්තා මීටර් 100 ප්‍රථම ස්ථානය සහ ලාන්ස් කෝප්‍රල් කුමාරසිංහ කේ ජී ඩි එම් එස් කාන්තා මීටර් 800 ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.

සංඥා බලකා ක්‍රීඩිකාවන්ගේ අනෙකුත් කැපී පෙනෙන දස්කම් පහත පරිදි වේ.

1. සංසෙ (කා)සෙව්වන්දි එස්පීඑච් 2(සෙවි) ශ්‍රීලංසංබ - කාන්තා වෙඩි තැබීමේ ඉසව්වෙහි 2 වන ස්ථානය.

2. සංසෙ(කා) අබේරත්න ඒපිඑම්එස්කේ 2(සෙවි) ශ්‍රීලංසංබ - කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙහි දෙවන ස්ථානය.

3. සංසෙ(කා) අබේරත්න ඒටිඑම්එස්කේ 2(සෙවි) ශ්‍රීලංසංබ - කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙහි 3 වැනි ස්ථානය.

4. සංසෙ(කා) කුමාරසිංහ කේඩබ්ලිව්ජීබීඑම්එස් 2(සෙවි) ශ්‍රීලංසංබ - කාන්තා මීටර් 400 ඉසව්වෙහි දෙවන ස්ථානය.

5. සංසෙ(කා) ද සිල්වා කේඑන්එය් 2(සෙවි) ශ්‍රීලංසංබ - කාන්තා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙහි දෙවන ස්ථානය.

6. කාන්තා 100 x 4 සහය දිවීමේ ඉසව්වෙහි දෙවන ස්ථානය.