Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

26th November 2019 11:37:49 Hours

3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බළකාය විසින් යුද්ධ හමුදා දිනය සමරනු ලබයි

3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බළකාය විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ 70 වන සංවත්සරය සමරනු ලැබුවේ 2019 ඔක්තෝබර් 10 වන දින උදේ වරුවේ සුහදශීලී වැඩසටහනක් පැවැත්වීමෙනි.

වාසවිලාන් සිට ටී හන්දිය දක්වා ශාරීරික අභ්‍යාස පුහුණුව ලබන හමුදා භටපිරිස් වලට කොළ කැඳ (Herbal Porridge) පිරිනැමීම මගින් උදෑසක පාලාලි හි රෙජිමේන්තු පරිශ්‍රය ඉදිරිපිටදී දවසේ වැඩසටහන ආරම්භ විය.

විධිමත් සැසිවාරය පෙරවරු 08.30 ට ආරම්භ වූ අතර, අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එන්පීඒ මෙන්ඩිස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් යුද්ධ හමුදා ධජය එසවූ අතර ඒකකයේ සිවිල් සේවකයින් ද ඇතුළුව සියලුම සාමාජිකයින් ආඩම්බරයෙන් යුතුව යුද්ධ හමුදා ගීතය ගායනා කළහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපතිතුමන් විසින් නිකුත් කරන ලද පණිවුඩය අණදෙන නිලධාරිතුමන් විසින් ප්‍රකාශ කරන ලද අතර කඳවුර තුළ කොහොඹ සහ කොස් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් පවත්වන ලදී.