Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

27th February 2023 20:10:00 Hours

2(සෙවි) ශ්‍රීලංසංබ ඒකකයට අයත් සෙසුනිලයෙකු සඳහා නව නිවසක්

2(සෙවි) ශ්‍රී ලංකා සංඥා බලකායේ භට පිරිස් විසින් සුසුම්නාව ආශ්‍රිත ස්නායු ආබාධයකින් පෙළෙන තම සහෝදර සොල්දාදුවෙකුට නව නිවසක් ඉදිකිරීම සඳහා ඔවුන්ගේ තාක්ෂණික විශේෂඥතාව සහ ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.

S/2C00761 ලාන්ස් කෝප්‍රල් මොහොට්ටි එම්එම්ආර්එම්කේ ආර්එස්පී විසින් ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශෂිකා හේරත් මහත්මිය වෙත කරන ලද ඉල්ලීමකට අනුව නිවස ඉදිකිරීම ආරම්භ කරන ලදී. සංඥා බලකා සේවා වනිතා ශාඛාව සහ 2 (සෙවි) රෙජිමේන්තු ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් මූල්‍ය ආධාර සපයන ලදී.

එම නිවස චාම් උත්සවයක් පවත්වා සංඥා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමිය ඇතුළු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සුබ මොහොතින් සෙබළා වෙත භාර දෙන ලදී.

2(සෙවි) ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිළධාරී මේජර් කෙවීඒ කොඩිකාර පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ගම්වාසීන් ද මෙම උත්සවයට සහභාගී වූහ.