Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

29th October 2025 23:48:18 Hours

10 වන රෙජිමේන්තුව ශ්‍රීලංකා සංඥා බලකාය (තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන තාක්ෂණ) ඒකකයේ 09 වන අණදෙන නිළධාරි තනතුරේ වැඩ භාරගැනීම

10 වන රෙජිමේන්තුව ශ්‍රීලංකා සංඥා බලකාය (තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන තාක්ෂණ) ඒකකයේ 09 වන අණදෙන නිළධාරි ලෙස ලුතිනන් කර්නල් ජේ කුමාර් පිඑස්සි පිටිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 28 දින රෙජිමේන්තු මූලස්ථානය පනාගොඩහිදී රාජකාරී භාරගන්නා ලදී. යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කදවුරු මුරයකින් එතුමන් පිලිගැනීමෙන් අනතුරුව තත් ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් රෙජිමේන්තු රණවිරු සැමරුම් ස්මාරකයට පුෂ්පෝපහාර පැවැත්වීමෙන් පසු 10 වන රෙජිමේන්තුව ශ්‍රීලංකා සංඥා බලකා සෙබලුන් විසින් සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පුදකරන ලදී.

ඉන්පසුව ලුතිනන් කර්නල් ජේ කුමාර් පිඑස්සි පිටිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හින්දු ආගමික වතාවත් මධ්‍යයේ අණදෙන නිලධාරි ධූරයේ රාජකාරි භාරගන්නා ලදි. පසුව වැඩ භාරගැනීම සනිටුහන් කිරීම වස්, පැලයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට පෙනීසිට සියලු නිලයන් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව සියලු නිළ තේ පැන් සංග්‍රහයකින් උත්සවයේ වැඩ කටයුතු අවසන් කරන ලදි.