Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ රථ සංචිතය

බී එස් ඒ 600 කම්බිනේෂන් යතුරු පැදිය

මෙම කම්බිනේෂන් යතුර පැදි එක්සත් රාජධානියේ නිෂ්නාපදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1955 දෙසැම්බර් මස 31 වන දින ගෙන එන ලදී. මෙහි අවිය ලෙස .303 යාන්ත්‍රික අවියක් සවිකර ඇත. මේ වන විට සේවයෙන් ඉවත් කොට ඇත.


ෆෙරට් විමර්ශණ සන්නද්ධ රථ මාර්ක් i

ටරට් රහිත මෙම සන්නද්ධ රථය එක්සත් රාජධානියේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1955 දෙසැම්බර් මස 31 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 45 ක් වන අතර, ප්‍රධාන අවිය .303 යාන්ත්‍රික අවිය වේ. උපරිම බර ටොන් 2.9 කි. මෙය 1 වන විමර්ශණ රෙජිමේන්තුව වෙත ගෙන්වන ලද අතර, මේ වන විට සේවයෙන් ඉවත් කොට ඇත.


ෆෙරට් විමර්ශණ සන්නද්ධ රථ මාර්ක් ii

මෙම විමර්ශණ සන්නද්ධ රථය එක්සත් රාජධානියේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1956 පෙබරවාරි මස 03 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මි 45 ක් වන අතර, ප්‍රධාන අවිය 30 මිමි බ්‍රවුනින් යාන්ත්‍රික අවිය වේ. උපරිම බර ටොන් 3.1 කි. මෙය 1 වන විමර්ශණ රෙජිමේන්තුව වෙත ගෙන්වන ලද අතර, මේ වන විට සේවයෙන් ඉවත් කොට ඇත.


ඩේම්ලර් සන්නද්ධ රථය

මෙම ඩේම්ලර් සන්නද්ධ රථය එක්සත් රාජධානියේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1959 අප්‍රේල් මස 20 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මි 36 ක් වන අතර, ප්‍රධාන අවිය පවුන්ඩර් 2 වේ. මෙහි දෙවන අවිය ලෙස බීසා 7.92 මිමි අවියක් සවිකර ඇත. උපරිම බර ටොන් 10.4 කි. මෙය 1 වන විමර්ශණ රෙජිමේන්තුව වෙත ගෙන්වන ලද අතර, දැනට ධාවනයෙන් ඉවත් කර ඇත.


සැලඩින් සන්නද්ධ රථය

මෙම සැලඩින් සන්නද්ධ රථය එක්සත් රාජධානියේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1971 මැයි මස 31 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 73 ක් වන අතර, ප්‍රධාන අවිය 76 මිමි අවිය වේ. දෙවන අවිය .30 මිමි බ්‍රවුනින් යාන්ත්‍රික අවිය වේ. උපරිම බර ටොන් 11.2 කි. මෙය 1 වන විමර්ශණ රෙජිමේන්තුව වෙත ගෙන්වන ලද අතර, දැනට ධාවනයෙන් ඉවත් කර ඇත.


බීටීආර් 152 ඒපීසී රථය

මෙම බීටීආර් 152 රථය සෝවියට් සමූහාණ්ඩුවේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1971 නොවැම්බර් මස 06 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 65 ක් වන අතර, ප්‍රධාන අවිය 7.62 මිමි ගොරිනො අවිය වේ. මෙම රථයේ උපරිම බර ටොන් 8.9 කි. මෙය 1 වන විමර්ශණ රෙජිමේන්තුව වෙත ගෙන්වන ලද අතර, දැනට සේවයෙන් ඉවත් කර ඇත.


ස්ටොල්වට් රථය

මෙම ස්ටොල්වට් රථය එක්සත් රාජධානියේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1985 නොවැම්බර් මස 06 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 45 වේ. මෙම රථ බහු කාර්යය හා ක්ෂේත්‍ර ධාවනයට උචිත රථ වේ. උපරිම බර ටොන් 4.2 කි. මෙය 1 වන විමර්ශණ රෙජිමේන්තුව වෙත ගෙන්වන ලද අතර, දැනට සේවයෙන් ඉවත් කර ඇත.


සැරසන් සන්නද්ධ රථය

මෙම සැරසන් සන්නද්ධ රථය එක්සත් රාජධානියේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1986 අප්‍රේල් මස 11 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 45 ක් වන අතර, ප්‍රධාන අවිය .30 මිමි බ්‍රවුනින් යාන්ත්‍රික අවිය වේ. උපරිම බර ටොන් 10 කි. මෙය 1 වන විමර්ශණ රෙජිමේන්තුව වෙත ගෙන්වන ලද අතර, දැනට සේවයෙන් ඉවත් කර ඇත.


ටී 85 අණදෙන රථය

මෙම ටී 85 අණදෙන රථය චීනයේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1991 අගෝස්තු මස 17 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 65 ක් වන අතර, ප්‍රධාන අවිය 12.7 මිමි ගුවන් යානා නාශක අවිය වේ. උපරිම බර ටොන් 13 ක් වන අතර 3 වන විමර්ශණ රෙජිමේන්තුව වෙත ගෙන එන ලදි. දැනට 5 වන විමර්ශණ රෙජිමේන්තුව විසින් භාවිතා කරනු ලබයි.


ටී 85 සන්නද්ධ රථය

මෙම ටී 85 සන්නද්ධ රථය චීනයේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1991 සැප්තැම්බර් මස 22 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 65 ක් වන අතර, ප්‍රධාන අවිය 73 මිමි ස්මූත් බෝර් ලෝ ප්‍රෙෂර් අවිය සහ දෙවන අවිය ලෙස 7.62 මිමි යාන්ත්‍රික අවියක් සවිකර ඇත. උපරිම බර ටොන් 14 කි. එවකට 3 වන විමර්ශණ රෙජිමේන්තුව වෙත ගෙන එන ලදි. දැනට 5 වන විමර්ශණ රෙජිමේන්තුව විසින් භාවිතා කරයි.


ටී 85 අපදා රථය

මෙම ටී 85 ආපදා රථය චීනයේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1991 සැප්තැම්බර් මස 28 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 65 ක් වන අතර, ප්‍රධාන අවිය 12.7 මිමි ගුවන් යානා නාශක අවියක් වන අතර, උපරිම බර ටොන් 14 කි. 3 වන විමර්ශණ රෙජිමේන්තුව වෙත ගෙන එන ලද අතර දැනට 5 වන විමර්ශණ රෙජිමේන්තුව විසින් භාවිතා කරනු ලබයි.


ටී 55 ඒ යුධ ටැංකිය

මෙම ටී 55 ඒ යුධ ටැංකිය චෙක් ජනපදයේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1991 ඔක්තෝම්බර් මස 08 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 50 ක් වන අතර, ප්‍රධාන අවිය සහ දෙවන අවිය වශයෙන් අවි දෙකක් ඇත. ප්‍රධාන අවිය 100 මිමි වේ. දෙවන අවිය 7.62 මිමි යාන්ත්‍රික අවිය වන අතර 12.7 මිමි ගුවන් යානා නාශක අවියක් ද සවි කොට ඇත.උපරිම බර ටොන් 36 කි. 4 වන සන්නද්ධ රෙජිමේන්තුව වෙත ගෙන එන ලදි. දැනට 3 වන සහ 4 වන සන්නද්ධ රෙජිමේන්තු විසින් භාවිතා කරයි.


ටී 86 සන්නද්ධ රථය

මෙම ටී 86 සන්නද්ධ රථය චීනයේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1992 මාර්තු මස 09 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 65 ක් වන අතර, ප්‍රධාන අවිය 73 මිමි ස්මූත් බෝර් ලෝ ප්‍රෙෂර් අවිය වන අතර, දෙවන අවිය ලෙස 7.62 මිමි යාන්ත්‍රික අවියක් සවිකර ඇත. උපරිම බර ටොන් 13 කි. 3 වන විමර්ශණ රෙජිමේන්තුව වෙත ගෙන එන ලදි. දැනට 5 වන විමර්ශණ රෙජිමේන්තුව භාවිතා කරයි.


බීඑම්පි මාර්ක් 1 සන්නද්ධ රථය

මෙම බීඑම්පී මාක් 1 සන්නද්ධ රථය යුක්රේනයේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1994 අගෝස්තු මස 10 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 65 ක් වන අතර, ප්‍රධාන අවිය සහ දෙවන අවිය වශයෙන් අවි දෙකක් සවිකර ඇත. ප්‍රධාන අවිය 73 මිමි ස්මූත් බෝර් ලෝ ප්‍රෙෂර් අවිය වේ. දෙවන අවිය ලෙස 7.62 මිමි යාන්ත්‍රික අවියක් සවිකර ඇත. උපරිම බර ටොන් 14 කි. 5 වන විමර්ශණ රෙජිමේන්තුව වෙත ගෙන එන ලදී. දැනට එම රෙජිමේන්තුව භාවිතා කරයි.


බීඑම්පී ආපදා රථය

මෙම බීඑම්පී ආපදා රථ යුක්රේනයේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1994 අගෝස්තු මස 10 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 65 ක් වේ. උපරිම බර ටොන් 13.2 කි. මෙය 5 වන විමර්ශණ රෙජිමේන්තුව විසින් භාවිතා කරයි.


ටී 81 – ii අණදෙන සන්නද්ධ රථය

මෙම ටී 81 - ii අණදෙන සන්නද්ධ රථය චීනයේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1995 අප්‍රේල් මස 29 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 50 ක් වන අතර, ප්‍රධාන අවිය 7.62 මිමි යාන්ත්‍රික අවිය වේ. උපරිම බර ටොන් 12 කි.


ටී 63 - ii සන්නද්ධ රථය

මෙම ටී 63 - ii සන්නද්ධ රථය චීනයේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1995 සැප්තැම්බර් මස 03 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 50 ක් වන අතර, ප්‍රධාන අවිය 12.7 මිමි ගුවන් යානා නාශක අවිය වේ. උපරිම බර ටොන් 13 කි. 5 වන විමර්ශණ රෙජිමේන්තුව වෙත ගෙන එන ලදි. දැනට එම රෙජිමේන්තුව භාවිතා කරයි.


ටී 55 යුධ ටැංකිය පාලම් රථය

මෙම ටී 55 යුධ ටැංකිය පාලම් රථය චෙක් ජනපදයේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1995 නොවැම්බර් මස 12 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 50 ක් වේ. උපරිම බර ටොන් 36 කි. 4 වන සන්නද්ධ රෙජිමේන්තුව වෙත ගෙන එන ලදී. දැනට එම රෙජිමේන්තුව භාවිතා කරයි.


ටී 55 ඒඑම් 2 යුධ ටැංකිය

මෙම ටී 55 ඒඑම් යුධ ටැංකිය චෙක් ජනපදයේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1998 ජනවාරි මස 07 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 50 ක් වන අතර, ප්‍රධාන අවිය 100 මිමි වේ. දෙවන අවිය 12.7 මිමි ගුවන් යානා නාශක අවියක් ද සවි කොට ඇත. 7.62 මිමි පීකේටී අවියක් සවිකර ඇති අතර, උපරිම බර ටොන් 43 කි. 4 වන සන්නද්ධ රෙජිමේන්තුව භාවිතා කරයි.


ටී 86 ට්‍රැක් සන්නද්ධ රථය

මෙම ටී 86 ට්‍රැක් සන්නද්ධ රථය චීනයේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1997 සැප්තැම්බර් මස 09 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 65-70 ක් වන අතර, ප්‍රධාන අවිය 73 මිමි ස්මූත් බෝර් ලෝ ප්‍රෙෂර් අවිය වේ. දෙවන අවිය ලෙස 7.62 මිමි යාන්ත්‍රික අවියක් වේ. උපරිම බර ටොන් 13.3 කි. 5 වන විමර්ශණ රෙජිමේන්තුව භාවිතා කරයි.


බීටීආර් 80 සන්නද්ධ රථය

මෙම බීටීආර් 80 සන්නද්ධ රථය රුසියාවේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1998 පුනි මස 07 වන දින ගෙන එන ලදි.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 65 ක් වන අතර, ප්‍රධාන අවිය සහ දෙවන අවිය වශයෙන් අවි දෙකක් සවිකර ඇත. ප්‍රධාන අවිය KPVT 14.5 මිමි අවිය වේ. දෙවන අවිය 7.62 මිමි යාන්ත්‍රික අවිය වේ. උපරිම බර ටොන් 13.6 කි. පළමුවෙන් 6 රෙජිමේන්තුව වෙත ගෙන එන ලද මෙම සන්නද්ධ රථය මේ වන විට 1 වන විමර්ශණ රෙජිමේන්තුව විසින් භාවිතා කරයි.


බීටීආර් 80 ඒ සන්නද්ධ රථය

මෙම බීටීආර් 80 ඒ සන්නද්ධ රථය රුසියාවේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1998 පුනි මස 07 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 65 ක් වන අතර, ප්‍රධාන අවිය සහ දෙවන අවිය වශයෙන් අවි දෙකක් සවිකර ඇත. ප්‍රධාන අවිය 30 මිමි කැනන් අවිය වේ. දෙවන අවිය 7.62 මිමි යාන්ත්‍රික අවිය වේ. උපරිම බර ටොන් 14.5 කි. පළමුවෙන් 6 රෙජිමේන්තුව වෙත ගෙන එන ලද මෙම සන්නන්ධ රථය මේ වන විට 1 වන විමර්ශණ රෙජිමේන්තුව විසින් භාවිතා කරයි.


බ්‍රේම් කේ ආපදා සන්නද්ධ රථය

මෙම බ්‍රේම් කේ ආපදා රථය රුසියාවේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 1998 පුනි මස 07 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 60 වේ. මෙහි ප්‍රධාන අවිය 7.62 මිමි යාන්ත්‍රික අවියක් භාවිතා කරයි. මෙම ආපදා රථය උපරිම බර ටොන් 14.5 කි. පළමුවෙන් 6 රෙජිමේන්තුව වෙත ගෙන එන ලද මෙම සන්නන්ධ රථය මේ වන විට 1 වන විමර්ශණ රෙජිමේන්තුව විසින් භාවිතා කරයි.


ටී 55 ආපදා රථය

මෙම ටී 55 ආපදා රථය චෙක් ජනපදයේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 2001 ජනවාරි මස 06 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 60 කි. උපරිම බර ටොන් 35කි. 4 වන සන්නද්ධ රෙජිමේන්තුව භාවිතා කරයි.


බීඑම්පී මාක් ii සන්නද්ධ රථය

මෙම බීඑම්පී මාක් ii සන්නද්ධ රථය රුසියාවේ නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට 2001 දෙසැම්බර් මස 04 වන දින ගෙන එන ලදී.මෙම රථයේ උපරිම වේගය පැයට කි:මී 65 ක් වන අතර, ප්‍රධාන අවිය සහ දෙවන අවිය වශයෙන් අවි දෙකක් සවිකර ඇත. ප්‍රධාන අවිය 30 මිමි කැනන් අවිය වේ. දෙවන අවිය 7.62 මිමි යාන්ත්‍රික අවිය වේ. මෙම සන්නද්ධ රථයේ උපරිම බර ටොන් 14 කි. මෙය 5 වන විමර්ශණ රෙජිමේන්තුව විසින් භාවිතා කරයි.