29th September 2024 10:03:14 Hours
2024 සැප්තැම්බර් 29 වන දින, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් සේනාවිධායක සහ 64 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම් එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී 7 වන (ස්වේ) රෙජිමේන්තුව වෙත පැමිණියේය. ඔහු සමඟ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ පී සී ආර් ප්‍රේමතිලක ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධීපති බ්‍රිගේඩියර් ඒ ඒ ඩී පී කුලතිලක යූඑස්පී එන්ඩීසී පීඑස්සී ද එක්ව සිටියහ.
ඔහු පැමිණීමෙන් අනතුරුව 7 වන (ස්වේ) රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එම් ඩබ්ලිව් විශ්වමිත්ර පීඑස්සී විසින් උණුසුම් පිළිගැනීමක් ද සිදු කරන ලදී. ඉන් අනතුරුව ඔහුව පිළිගැනීමෙන් පසුව එම ඒකකයේ භටපිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලැබූ අතර සංචාරය සිහිවීම පිණිස සුදු හඳුන් පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරියා එම ඒකකයේ සියලුම නිලධාරීන් සහ ජ්යෙෙකොනොනින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.
ඒකකයේ අණදෙන ව්‍යුහය, මෙහෙයුම්, පරිපාලන සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් අණදෙන නිලධාරී විසින් කරන ලද සවිස්තරාත්මක දැනුවත් කිරීමකට කර්නල් සේනාවිධායකතුමා ද සහභාගී විය. අනතුරුව ඔහු කඳවුරු පරිශ්‍රය නිරීක්ෂණය කර භට පිරිස් අමතමින්, පුහුණුව, විනය, යුධ හමුදා දේපල හා සම්පත් නිසි ලෙස කළමනාකරණය කිරීම, යුධ හමුදා දේපල අවභාවිතය වැළැක්වීමේ වගකීම සහ සෙබළුන්ගේ උසස් ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාමේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ වැදගත්කම අවධාරණය කළේය.
කර්නල් සේනාවිධායක තුමන් කඳවුරෙන් පිටත්ව යාමට පෙර විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් තබමින් සංචාරයේ වැඩකටයුතු අවසන් කෙරෙණි.