09th September 2024 22:34:10 Hours
2024 සැප්තැම්බර් 9 වන දින, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් සේනාවිධායක සහ 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම් එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී, 4 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව වෙත සිය මංගල නිල සංචාරය සිදු කරන ලදී.
ඔහු පැමිණි පසු, 4 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී අයි ඩී ඩී ධර්මරත්න ආර්ඒස්පී යුඑස්පී යුඑස්ඒ්සීජීඑස්සී විසින් ඔහුව පිළිගන්නා ලදී. ඉන් අනතුරුව ඔහු ඇතුල්වීමේ දොරටුව අභියසදී කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව මියගිය රණවිරුවන්ට උපහාර පුද පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක්ද පැවැත්විණි.
සිය සංචාරය අතරතුර කඳවුරේ පැළයක් රෝපණය කළ ඔහු 4 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව වෙත සිය සංචාරය සිහිපත් කිරීම සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. කර්නල් සේනාවිධායකතුමා විසින් අණදෙන නිළධාරීවරයාගේ සවිස්තරාත්මක දැනුවත් කිරීමකට ද සහභාගී වූ අතර, ඉන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ නිරීක්ෂණ කටයුතු සිදු කරන ලදී. සියලුම නිලයන් සඳහා තේ පැන් සංග්‍රාහයක් කෝප්රල් සමාජ ශාලාවේදී පැවැත්වුණු අතර, අනතුරුව භට පිරිස් අමතා අලුතින් ඉදිකරන ලද ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
කර්නල් සේනාවිධායකවරයා සිය දේශනය අතරතුර ශක්තිමත් නායකත්වයේ සහ අණදීමේ වැදගත්කම අවධාරණය කළේය. ඔහු හමුදාවේ වෘත්තීයභාවයේ වැදගත්කම අවධාරනය කළේය, එය සාක්ෂාත් කරගත හැක්කේ ස්ථාවර පුහුණුවක් සහ විනයකින් පමණි. මීට අමතරව, කර්නල් සේනාවිධායක විසින් සෙබළුන් ඔවුන්ගේ දක්ෂතා සහ ක්‍රීඩා වලට සහභාගී වීම සඳහා දිරිමත් කරන ලදී.
කර්නල් සේනාවිධායකවරයා පිටත්ව යාමට පෙර අමුත්තන්ගේ පොතේ සටහන් තැබූ අතර නිලධාරි නිවස්නයේදී දිවා ආහාරයෙන් දවසේ සරල ගමන් විස්තරය අවසන් විය. මෙම සංචාරය පුරාවට ඔහු සමඟින්, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ පී සී ආර් ප්‍රේමතිලක ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ සන්නාහ සන්නද්ධ බලසේනාවේ ආඥාපති බ්‍රිගේ එඩී පී කුලතිලක යූඑස්පී එන්ඩීසී පීඑස්සී ද එක්ව සිටියහ.