Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

19th July 2024 20:51:02 Hours

සන්නාහ සන්නද්ධ සම්මන්ත්‍රණය - 2024

‘සන්නාහ සන්නද්ධ සම්මන්ත්‍රණය - 2024’ “අනාගත ප්‍රත්‍යන්ත සකස් කිරීම ඇගයීම සහ නවෝත්පාදන හරහා මෙම බලකාය සවිබල ගැන්වීම” (Forging Future Frontiers: Empowering Armor through Evaluation and Innovation) තේමාව මුල්කර ගනිමින් 2024 ජූලි මස 19 දින කැවල්රි නිවස්නය,රොක් හවුස් කඳවුරේ දී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් සහභාගී විය.

මෙම සම්මන්ත්‍රණය සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, සහ ගෞරවනීය ආරාධිත අමුත්තන් ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ද සහභාගී විය.

තවද, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, සේවයේ නියුතු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ ආරාධිතයින් කිහිප දෙනෙකු සහ සම්භාවනීය අමුත්තන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

සේනාංකයේ සටන් බලය ඇගයීම, තාක්ෂණික දියුණුව ගවේෂණය කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මානව සාධක වැඩිදියුණු කිරීම සඳහා උපාය මාර්ග සංවර්ධනය කිරීම මගින් නිලධාරීන්ගේ දැනුම වැඩිදියුණු කිරීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ විය. මෙම ප්‍රයත්නයන් අභියෝග ජය ගැනීමට සහ ජාතික ආරක්ෂාවට අනාගත තර්ජන වළක්වා ගැනීමට තීරණාත්මක වේ.

ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බළකාය තුළ ඇති "කුඩා සම්මන්ත්‍රණ සංස්කෘතිය" මේජර් ජෙනරාල් එස් ඩබ්ලිව් එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් සේනාවිධායකගේ සංකල්පයක් වූ අතර එය ප්‍රධාන මූලාරම්භය සඳහා අඩිතාලම දැමීය. සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් කේ ටී ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී ගේ සමීප අධීක්‍ෂණය යටතේ සන්නාහ සන්නද්ධ බලකායේ කාර්ය මණ්ඩලය විසින් මෙම උත්සවයේ විධිවිධාන සහ මෙහෙයවීම සම්බන්ධීකරණය කරන ලදී.

සම්මන්ත්‍රණය දිග හැරුණේ මෙසේය.

ප්‍රධාන කථානායක: ජෙනරාල් ජේ ජයසූරිය (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී

1 වන සැසිය - වත්මන් හැකියාවන් සහ තාක්ෂණික නවෝත්පාදන තක්සේරු කිරීම (Assessing Current Capabilities and Technological Innovations)

සභාපති: බ්‍රිගේඩියර් බී ඒ ඩී ආර් ඒ සී විජේසේකර ආර්එස්පී යූඑස්ඒසීජීඑස්සී

ඉදිරිපත් කරන්නන්:

ලුතිනන් කර්නල් ඩී පී ඒ එස් ඒ විතාරණ පීඑස්සී විසින් නවීන සටන් බිම සහ සන්නාහයේ අදාළත්වය (Modern Battlefield and Relevance of Armour)

ලුතිනන් කර්නල් ජී අයි ඩී ඩී ධර්මරත්න ආර්එස්පී යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී විසින් සන්නාහ නිර්මාණය සහ නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණික දියුණුව (Technological Advancement in Armour Design and Manufacturing)

2 සැසිය - මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මානව සාධක වැඩි දියුණු කිරීම (Enhancing Operational Effectiveness and Human Factors)

සභාපති: කර්නල් ඩී එම් ජී කේ එච් ද සිල්වා පීඑස්සී

ඉදිරිපත් කරන්නන්:

ලුතිනන් කර්නල් ඩී එම් වී එම් ආර් දිසානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් ශ්‍රීලසසබ මෙහෙයුම් සඳහා උපායශීලී අනුවර්තනය සහ පුහුණු වැඩිදියුණු කිරීම්. (Tactical Adaptation and Training Enhancements for SLAC Operations)

ලුතිනන් කර්නල් යූ කේ කේ ඩබ්ලිව් එම් ආර් ඒ ඩබ්ලිව් අයි ඒ බී කුලතුංගගේ පීඑස්සී විසින් සන්නද්ධ යුද්ධ සඳහා මානව සාධක සහ පුහුණුව. (Human Factors and Training for Armoured Warfare)

මෙම උත්සවය අතිසාර්ථක වූ අතර එය සාරවත් දේශන සහ ඵලදායි සාකච්ඡා සමඟින් පැවැත්විණි.

ප්‍රධාන ආරාධිත අමුත්තා, ප්‍රධාන කථානායක සහ සියලුම කථිකයින් හට ඔවුන්ගේ බුද්ධිමය සහය අගයමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ කර්නල් සේනාවිධායක විසින් සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.