Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

22nd July 2024 19:40:17 Hours

අලුතින් පත් කරන ලද බලසේනාධිපති සන්නාහ සන්නද්ධ බලකායේ රාජකාරි භාර ගන්නා ලදී

සන්නාහ සන්නද්ධ බලසේනාවේ අභිනවයෙන් පත් වූ බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ ඒ ඩී පී කුලතිලක යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 ජුලි 22 සඳුදා දින සන්නාහ සන්නද්ධ බළකාය - රොක් හවුස් කඳවුරු මූලස්ථානයේදී උත්සවයක් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

ඔහු නව වගකීම් භාර ගැනීම සංකේතවත් කරමින් නිල ලේඛනයකට අත්සන් කළේය. ශ්‍රවණාගාරයේදී භට පිරිස් අමතමින්, හමුදා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීම අවධාරණය කරමින්, සම්බන්ධීකරණ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය සහ විනය තුළින් බලසේනාවේ සුමට ක්‍රියාන්විතය පිළිබඳ තම දැක්ම ඔහු විස්තර කළේය. සෑම විටම අශ්වාරෝහක හමුදාවේ ඉහළම ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමට සහ ආරක්ෂා කිරීමට ඔහු තවදුරටත් ප්‍රතිඥා දුන්නේය. බළකායේ ප්‍රමිතීන් ඉහළ නැංවීමට දායක වූ අතීත අශ්වාරෝහකයන්ට ද ඔහු කෘතඥතාව පළ කළේය.

දිනයේ සිදුවීම් අවසන් කිරීම සඳහා, නව බලසේනාධිපති සිය කාර්ය මණ්ඩලය සමඟ සන්නද්ධ බලසේනා මූලස්ථානයේ සියලුම ශාඛා, අංශ සහ පරිශ්‍රවල සංචාරය කළේය.