Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

07th June 2024 09:08:38 Hours

යුධ හමුදාපතිවරයා 4 වන සන්නද්ධ රෙජිමේන්තුවට පැමිණෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 ජුනි 07 වන දින 22 වන පාබල සේනාංක බල ප්‍රදේශයේ සංචාරයකට සමගාමීව 4 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව වෙත ගියේය.

කර්නල් සේනාවිධායක - ශ්‍රීලසසබ සහ බටහිර ආරක්ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරාල් එස්ඩබ්ලිව්එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් පිළිගන්නා ලද යුද්ධ හමුදා ප්‍රධානියා සහ අණදෙන නිලධාරී 4 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ භට පිරිස් සමඟ ඓතිහාසික ඡායාරූපයකට පෙනී සිටියහ.

සිය සංචාරය සනිටුහන් කරමින් පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් එම රෙජිමේන්තු නිලධාරීන් සහ සෙබළුන් සමඟ සුහද කථා බහක නිරත විය. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අණදෙන නිළධාරියා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර, ඔහුගේ නික්මයාමට ප්‍රථම ඔහුගේ කෘතවේදීත්වය ද පළ කරන ලදී.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එස්ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක - ශ්‍රීලසසබ, සන්නාහ සන්නද්ධ බලසේනාවේ ආඥාපති සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූහ.