Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

03rd May 2024 09:03:06 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා අන්තර් රෙජිමේන්තු සරඹ/පියවර කෝදු තරඟය - 2024 සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේ හිදී පැවැත්විණි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ අන්තර් ඒකක සරඹ/පියවර කෝදු තරගය - 2024 ප්‍රදානය කිරීමේ උත්සවය මැයි මස 03 වන දින කලත්තෑව, සන්නාහ සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේදී, සන්නද්ධ බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් කේ ටී ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තරඟ 2024 මැයි 02 සහ 03 යන දිනවල කලත්තෑව සන්නාහ සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

2024 අන්තර් ඒකක සරඹ තරගාවලියේ ශූරතාවය 1 වන විමර්ශණ රෙජිමේන්තුව විසින් දිනා ගත අතර, 1 වන අනුශූරයන් බවට 4 වන සන්නද්ධ රෙජිමේන්තුව සහ 2 වන අනුශූරතාවය 5 වන විමර්ශණ රෙජිමේන්තුව දිනා ගත්හ.

7 වන (ස්වේ) රෙජිමේන්තුවේ පියවර කෝදු කණ්ඩායම 2024 අන්තර් ඒකක පියවර කෝදු තරගයේ ශූරයන් බවට පත් වූ අතර 1 වන විමර්ශණ රෙජිමේන්තුවේ පියවර කෝදු කණ්ඩායම විසින් 1 වන අනුශූරතාවය සහ 2 වන අනුශූරතාවය 5 වන විමර්ශණ රෙජිමේන්තුවේ පියවර කෝදු කණ්ඩායම හිමි විය.

1 වන විමර්ශණ රෙජිමේන්තුවෙහි කපිතාන් ඩී ඒ නිලන්දූවගේ හොඳම අණදෙන නිලධාරි සම්මානය දිනාගත් අතර 7 වන (ස්වේ) රෙජිමේන්තුවෙහි බලලත් නිලධාරී 11 දිසානායක ඩී පී ඔවුන්ගේ විශිෂ්ට කාර්ය සාධනය වෙනුවෙන් හොඳම සරඹ උපදේශක සම්මානය දිනා ගන්නා ලදී.