Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

25th April 2024 08:33:18 Hours

ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බළකා අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය - 2024

2024 අප්‍රේල් 24 සහ 25 යන දෙදින තුළ කැකිරාව විද්‍යාර්ථ විද්‍යාල තිබ්බටුවැවදී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ 7 වන (ස්වේ) රෙජිමේන්තු විසින් සංවිධානය කරන ලද ශ්‍රීලසසබ අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය - 2024 තරඟාවලියේ 3 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තු ක්‍රීඩකයින් ප්‍රබල ජයග්‍රහණයක් කරන ලදී.

අවසන් මහා තරගයට වැදගත්කමක් එක් කරමින්, ප්‍රධාන ආරාධිත අමුත්තා වූ, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර් නල් ඒ එච් ආර් හසන්ත ආර්එස්පී පීඑස්සී විසින් මෙම සටන ඉතා උද්‍යෝගයෙන් නැරඹූ අතර ජයග්‍රාහකයින්ට සහ සහභාගී වූවන්ට සුබ පැතූහ.

අනතුරුව 5 වන ඔත්තු බැලීමේ රෙජිමේන්තුව විසින් 2 වන අනුශූරතාවය ලබා ගැනීමට සමත් වූ අතර තරඟාවලියේ දක්ෂතම එල්ලේ ක්‍රීඩකයා ලෙස 3 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ ආධුනික සෙබල ලක්ෂිත එම් එස් තේරී පත් විය.