Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

09th April 2024 10:22:54 Hours

6 වන ශ්‍රීලසසබ රෙජිමේන්තුවේ (ආධාරක) හද උණුසුම් කරන අභිනය: සිවිල් වැසියෙකුට නව නිවසක් භාර දීම

22 පාබල සේනාංකයේ සේනාංකාධීපත් මේජර් ජෙනරාල් පී ඒ එම් පීරිස් ආර්එස්පී යුඑස්පී පීඑස්සී ගේ උදාර දැක්මට අනුව අනුරාධ කොතලාවල (පරිත්‍යාග කරන්නා) මහතාගේ නොමසුරු මුල්‍ය ආධාර මත 2024 ජනවාරි 12 වන දින නව නිවසක් සඳහා මුල්ගල් තබන ලදී. මොරවැව කිතුළුතුව ප්‍රදේශයේ පදිංචි චමින්ද කුමාර මහතාට නව නිවසක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ විය.

223 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති සහ 6 ශ්‍රීලසසබ (ආධාරක) ඒකකයේ අණදෙන නිලධාරී, නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ කැපවූ ශ්‍රමයේ මගපෙන්වීම මත මාස තුනක කාලසීමාවක් ඇතුළත නිවස ඉදිකිරීම කාර්යක්ෂමව නිම කරන ලදී. 2024 අප්‍රේල් 09 වැනි සුබ දිනයේදී පැය 1145 ට 22 පාබල සේනාංකයේ සේනාංකාධීපත් මේජර් ජෙනරාල් පී ඒ එම් පීරිස් ආර්එස්පී යුඑස්පී පීඑස්සී, අනුරාධ කොතලාවල මහතා අතින් චමින්ද කුමාර මහතා සහ ඔහුගේ පවුලේ අය කෘතඥපූර්වකව මෙම තිළිණය ලබා ගත්හ.