Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

20th December 2022 09:49:07 Hours

එළඹෙන බලකා දිනය නිමිත්තෙන් හින්දු ආගමික වතාවත් සිදුකිරීම

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ 67 වැනි සංවත්සරයට සමගාමීව 2022 දෙසැම්බර් 06 වැනි දින මෝදර ශ්‍රී වෙන්කටේෂ්වර් කෝවිලේදී විශේෂ හින්දු පූජාවක් පවත්වන ලද අතර, එම පූජාව සඳහා සන්නාහ සන්නද්ධ බලසේනාධිපති , මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන් සහ සෙසු නිළයින් සහභාගිවන ලදි.

හින්දු සම්ප්‍රදායට අනුකූලව පැවති පූජාවේදී ආගමික වතාවත් වලට අනුව මියගිය රණවිරුවන්, ප්‍රවීණයන්, ආබාධිත රණවිරුවන්, සේවයේ නියුතු, විශ්‍රාමික පුද්ගලයින් ,ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ බළකාය වෙත ආශිර්වාද සිදු කරන ලදී.