Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

02nd April 2022 15:47:40 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා අන්තර් ඒකක සරඹ තරගාවලිය - 2022

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ අන්තර් ඒකක සරඹ තරගාවලිය - 2022,ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ රෙජිමේන්තු මූලස්ථානයේ අධීක්ෂණය යටතේ 2022 මාර්තු මස 30, 31 දෙදින තුල සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.

පවත්වන ලද සරඹ තරගාවලියේ පලවන ස්ථානය 4 වන සන්නද්ධ රෙජිමේන්තු ලබාගත් අතර දෙවන ස්ථානය 7 වන ස්වෙචිඡා රෙජිමේන්තුව ලබාගන්න ලදි. ‌එහි තෙවන ස්ථානය 3 වන සන්නද්ධ රෙජිමේන්තුව ලබා ගන්නා ලදි.

අන්තර් ඒකක සරඹ තරගාවලියේ දක්‍ෂතම අණදෙන නිලධාරියාට හිමි කුසලානය 3 වන සන්නද්ධ රෙජිමේන්තුවට අයත් ලුතිනන් ජී ආර් ඩී සී ගොතටුව විසින් ලබාගත් අතර හොඳම සරඹ උපදේශකට හිමි කුසලානය 7 වන ස්වෙචිඡා රෙජිමේන්තුවට අයත් බනි II ප්‍රියංගික එල් එම් විසින් ලබා ගන්නා ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව් පී කාරියවසම් සහභාගි වූ අතර ඊට අමතරව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරින් සහ සෙසු නිලයින් සීමිත පිරිසක් සහභාගි වන ලදි.