Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

01st April 2022 09:51:13 Hours

"කිංග්ස් කැෆේ" සන්නද්ධ සුභසාධක වෙළදසැල එහි නව අලෙවිසැලක් වීවෘත කරයි.

රොක්හවුස් කඳවුරේ සේවය කරනු ලබන නිලධාරි/සෙසුනිලයින්ගේ අවශ්‍යතා සහ කදවුරු ක්‍රීඩා පිටිය සහ යෝජිත පැසිපන්දු ක්‍රීඩාගාරය භාවිතා කරනු ලබන ක්‍රීඩකයින්ගේ අවශ්‍යතා සපුරාලීම අරමුණු කර ගෙන නවතමයෙන් ස්ථාපනය කරන ලද මෙම අලෙවිසැල 2022 මාර්තු මස 31 වන දින සන්නද්ධ සන්නද්ධ බලසේනාව වෙතින් පවත්වාගෙන යනු ලබන කිංග්ස් කැෆේ සුභසාධක වෙළදසැලේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ආපන ශාලා පහසුකම් වලින් සමන්විත අලෙවිසැලක් රොක්හවුස් ක්‍රීඩා පිටියට යාබදව මටිටක්කුලිය - පිටකොටුව මාර්ගයට මුහුණලා නවතමයෙන් ස්ථාපිත කරන ලදි

.

බලසේනාධිපති බ්‍රිගේඩියර් පිඒඑම් පීරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත‍ කරන ලද අතර, එම අවස්ථාව සදහා සන්නද්ධ බලසේනා මුලස්ථානයේ, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ 1 වන විමර්ශණ රෙජිමේන්තුවේහි නිලධාරීන් සහ සෙසුනිලයින් කිහිප දෙනෙකු සහභාගී වන ලදි.