Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

05th December 2022 16:24:06 Hours

සන්නාහ සන්නද්ධ බළකායේ සේවය කරන සහ මියගිය සියලුම විරුවන්ට ආශිර්වාද කිරීම සඳහා වාර්ෂික ‘පිරිත්’ උත්සවය 2022 දෙසැම්බර් 2 වන දින පවත්වන ලදී

2022 දෙසැම්බර් 15 වන දින එළඹෙන 67 වන බලකා දින සංවත්සරය නිමිත්තෙන් රෙම ශ්‍රීලසසබ රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් 2022 දෙසැම්බර් 02 සිකුරාදා සවස රොක් හවුස් කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ විය. මේජර් ජෙනරාල් ඩී බී එස් එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, හමුදා ලේකම් සහ කර්නල් සේනාවිධායක , සන්නාහ සන්නද්ධ කාන්තා සමාජයේ සභාපති හර්ෂිනි බෝතොට මහත්මිය, බ්‍රිගේඩියර් ඩබ්ලිව් පී කාරියවසම්, සන්නද්ධ බලසේනාධිපති, බ්‍රිගේඩියර් පී එන් විජේසිරිවර්ධන ආර්එස්පී යූඑස්පී, මධ්‍යස්ථානය සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින්, භාර්යාවන්, සෙසු නිලයින්, විශ්‍රාමික නිලධාරීන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

පූජ්‍ය මහා සංඝරත්නය, මල්වෙඩි, කස, රතිඤ්ඤා, නර්තන ශිල්පීන් සහ සංස්කෘතික කණ්ඩායම සමග වර්ණවත් පෙරහැරකින් ප්‍රධාන ධර්ම ශාලාව වෙත වැඩම කරවන ලදී. සන්නද්ධ බල සේනාධිපති විසින් බුලත් තැටි පිළිගැන්වීමෙන් අනතුරුව සජ්ඣායනාව ආරම්භ විය. මහා සංඝරත්නය වෙනුවෙන් නායක ස්වාමීන් වහන්සේ අනුශාසනාවක් පවත්වමින් බලකායට, තුවාල ලැබූ රණවිරුවන්ට, මියගිය රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආශිර්වාද කළහ.

පසුදින උදෑසන භික්ෂූන් වහන්සේ 15 නමකට එම ස්ථානයේදීම ‘හීල් දානය’ සහ ‘සාංගික දානය’ පිරිනැමීමෙන් පසු බෞද්ධ ආගමික වතාවත් අවසන් විය.