Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

27th November 2022 12:45:42 Hours

සන්නාහ සන්නද්ධ බළකායේ මියගිය රණවිරුවන් සිහිපත් කිරීම

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය විසින් 2022 නොවැම්බර් මස 27 වන දින පැවැත්වීමට නියමිත සංවත්සර දිනය සැමරීමට පෙර කලත්තෑව රණවිරු ස්මාරකය අභියසදී මියගිය රණවිරුවන් සිහිකර උපහාර දැක්වීය. හමුදා ලේකම් සහ කර්නල් සේනාවිධායක රෙම ශ්‍රීලසසබ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් ඩී බී එස් එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පිඑස්සි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී විය. ආරම්භයේදී, සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව් පී කාරියවසම් සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පී එන් විජේසිරිවර්ධන ආර්එස්පී යූඑස්පී විසින් රණවිරු ස්මාරකය අභියසදී කර්නල් සේනාවිධායක පිළිගන්නා ලදී. පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ද එදින ප්‍රධාන ආරාධිත අමුත්තා සමග ස්මාරකය වෙත ගොස් මල් වඩම් තබා 2009 මැයි මාසයට පෙර ජාතිය වෙනුවෙන් සිය උත්තරීතර පරිත්‍යාගය සිදු කළ රෙම ශ්‍රීලසසබ නිලධාරීන් 28 ක් සහ සෙසු නිලයින් 415 කුගේ මතකයට ආචාර කරන ලදි. උත්සවය අවසානයේ කර්නල් සේනාවිධායක විසින් එම පවුලේ සාමාජිකයින් සමඟ අදහස් බෙදා ගන්නා ලදී.