Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

01st April 2024 09:14:06 Hours

සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයෙහි සන්නද්ධ කාන්තා සමජායේ වියළි සලාක ඇසුරුම් බෙදාදීමේ වැඩසටහන

සන්නද්ධ කාන්තා සමාජයේ වියළි සලාක පැකේජ බෙදා හැරීමේ වැඩසටහනට සමගාමීව, සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානය විසින් 2024 අප්‍රේල් 01 වන දින සබපුම ශ්‍රවණාගාරයේදී වියළි සලාක පැකේජ බෙදා හැරීමේ වැඩසටහන දියත් කරන ලද අතර සබපුමහි සිවිල් කාර්ය මණ්ඩලය 23 දෙනෙකුට වියළි සලාක ඇසුරුම් ලබා දෙන ලදී.

මෙම වැඩසටහන සන්නද්ධ කාන්තා සමාජයේ සභාපති සමන්කා ප්‍රනාන්දු මහත්මියගේ මඟපෙන්වීම සහ අනුග්‍රහය ඇතිව සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේ කණ්ඩායම් නායිකා සන්ධ්‍යා ගුණතිලක මහත්මියගේ අධීක්ෂණය යටතේ පැවැත්විණි.

මෙම වටිනා කාර්යයට නොමසුරුව සහය දුන් සියලුම සන්නද්ධ කාන්තාවන්ට සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයෙහි ස්තුතිය සහ සුභ පැතුම් පිරිනමයි.