Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

03rd April 2024 09:07:16 Hours

අන්තර් රෙජිමේන්තු පිහිනුම් සහ ජල පෝලෝ ශූරතාව -2024

අශ්වාරෝහක පිහිනුම් ක්‍රීඩකයෝ යුද හමුදා අන්තර් රෙජිමේන්තු පිහිනුම් ශූරතාවලියේ (ආධුනික) 2 වැනි ස්ථානය දිනා ගත්හ. තවද සෙ/112669 රෝසෙ කුමාරසිංහ එස්ඩීඩීඑල් 4 සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව ‘හොඳම පිහිනුම් ක්‍රීඩකයා’ බවට පත් වූ අතර මීටර් 1000 ඉසව්ව සඳහා රන් පදක්කම් හිමිකර ගත්හ.

යුධ හමුදා අන්තර් රෙජිමේන්තු පිහිනුම් හා ජල පෝලෝ ශූරතාවලියේ අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය 2024 අප්‍රේල් 03 වන දින පනාගොඩ යුධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලෙහි පිහිනුම් තටාක සංකීර්ණයේදී පැවැත්විණි.

අවසන් ඉසව් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් එස් ඩබ්ලිව් එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී, ආඥාපති - ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) සහ කර්නල් සේනාවිධායක - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් පිරිනමන ලදී. තෙදින පිහිනුම් ශූරතාවලිය නවක සහ විවෘත කාණ්ඩ යටතේ රෙජිමේන්තු 13ක් නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 254 දෙනෙකුගෙන් සමන්විත විය.

තවද, අන්තර් රෙජිමේන්තු ජල පෝලෝ තරඟාවලිය මීට සමගාමීව පවත්වන ලද අතර විවෘත සහ නවක කාණ්ඩ යටතේ රෙජිමේන්තු කණ්ඩායම් 8ක් විසින් තරඟ වදින ලදී.

ක්‍රීඩා ඉසව්වේ අවසානය සනිටුහන් කිරීම සඳහා මේජර් ජෙනරාල් එස් ඩබ්ලිව් එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී, ආඥාපති - ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) සහ කර්නල් සේනාවිධායක - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් ක්‍රීඩකයින්ට සුභ පැතුම් පිරිනැමූ අතර ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කළහ.