Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

04th April 2022 09:21:24 Hours

5 වන විමර්ශන රෙඡිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් අඩු ආදායම්ලාභී පවුලක් වෙත ඉදිකරන ලද නව නිවස

රටේ ස්ථාවරත්වය සහ ඡාතික ආරක්ෂාව සදහා සිවිල් කටයුතු වැදගත් අංගයක් වන බැවින් මෙම සංකල්පයට සමගාමීව සන්නද්ධ බලසේනාව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මග පෙන්වීම යටතේ 5 වන විමර්ශන රෙඡිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් අඩු ආදායම්ලාභී පවුලක් සදහා නව නිවසක් ඉදි කිරීම සිදු කරන ලදී. මෙම නව නිවස ඉදිකිරීම ආසේමු (බටහිර) සම්බන්ධීකරණය යටතේ දානපති රොහාන් ගුණසේකර මහතාගේ මූල්‍යම අනුග්‍රාහකත්වය යටතේ සිදුකරන ලදී.

5 වන විමර්ශන රෙඡිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්ඒඩබ්ටී සුඡිත් ආර්ඩබ්පී පීඑස්සී ඡ්‍යෙෂ්ඨ නිලධාරීගේ සෘඡු අධීක්ෂණය යටතේ 5 වන විමර්ශන රෙඡිමේන්තුවේ භඨ පිරිස් විසින් මෙම නිවස ඉදිකිරීමේ ව්‍යාපෘතිය නොපසුබට උත්සාහයකින් යුතුව සිදුකරන ලදී. ආරම්භයේ සිටම මෙම ව්‍යාපෘතියේ අධීක්ෂණය සමගින් මෙහෙයවීමේ කටයුතු ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සන්නද්ධ බලසේනාධිපතිතුමන් වන බ්‍රිගේඩියර් පීඒඑම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් සිදු කරන ලදී.

2022 අප්‍රේල් මස 2 වන දින 1022 පැයට එලැඹි සුභ මොහොතින් ආගමික ආශිර්වාදය මධ්‍යයේ නිවසට ගෙවැදීමේ උත්සවය පවත්වන ලදී. ගෘහ භාණ්ඩ සමගින් ගෘහ උපකරණද ගෙහිමියා වෙත ප්‍රධානය කරන ලද අතර මෙම සුවිශේෂී අවස්ථාව සදහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සන්නද්ධ බලසේනාධිපති තුමන් ඇතුළු තවත් ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගී විය.