Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

04th April 2024 09:10:58 Hours

4 සන්නද්ධ රෙජිමේන්තුව විසින් ආරම්භ කරන ලද ත්‍රිකුණාමලයේ දිළිඳු පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීම

ත්‍රිකුණාමලය, ශාර්ධපුර ප්‍රදේශයේ පදිංචි අසරණ පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය 2024 අප්‍රේල් 04 වන දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ පැවැත්විණි.

යුද හමුදාපතිතුමාගේ දැක්මට අනුව මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී ඒ එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ පූර්ණ මගපෙන්වීම යටතේ සහ රුචිර විතානගේ මහතාගේ මුල්‍ය දායකත්වයෙන් 4 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව විසින් මෙම පිංවත් ව්‍යාපෘතිය සිදු කරනු ලැබේ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී වූ අතර සමාරම්භක උත්සවය සඳහා ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.