Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

27th March 2024 09:23:46 Hours

2024 අන්තර් ඒකක පැසිපන්දු තරඟාවලිය 5 වන විමර්ශණ රෙජිමේන්තුව ජයග්‍රහණය කරයි

2024 මාර්තු 27 වන දින රොක් හවුස් කඳවුරේ පැසිපන්දු පිටියේදී 2024 අන්තර් ඒකක පැසිපන්දු ශූරතාව 4 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව සමඟ පැවති උද්වේගකර අවසන් මහා තරඟයේදී 5 වන විමර්ශණ රෙජිමේන්තුව විසින් දිනා ගන්නා ලදී.

මේජර් ජෙනරාල් එස් ඩබ්ලිව් එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී, බටහිර ආරක්ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කර්නල් සේනාවිධායක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

2024 මාර්තු 26 දින ආරම්භ වූ මෙම තරඟාවලියට තරඟකාරී කණ්ඩායම් හයක් සහභාගී විය. 4 වන සන්නද්ධ රෙජිමේන්තු කණ්ඩායම 1 වන අනුශූරයා ලෙස ඉස්මතු වූ අතර 2 වන අනුශූරතාවය 3 වන සන්නද්ධ රෙජිමේන්තු කණ්ඩායම විසින් තහවුරු කරන ලදී.

තවද, යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම අනුව, ත්‍යාග ප්‍රදානෝත්සවයට සමගාමීව, කබඩි ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර හා ජාතික මට්ටමේ ඔහු ලබා ඇති ජයග්‍රහණ දිරිමත් කිරීම සහ ඇගයීම සඳහා රුපියල් 30,000 ක මුදලක් ලා/කෝප්‍රල් මධුසංක ජීඩීඩීජී වෙත පරිත්‍යාග කරන ලදී.