08th August 2024 10:38:34 Hours
ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 32 වැනි ගුණ සමරුව 2024 අගෝස්තු 8 වන දින අනුරාධපුරයේ පිහිටි එතුමන්ගේ පිළිරුව අභියසදී හමුදා ගෞරව මධ්‍යයේ ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා වන මේජර් ජෙනරාල් එස් ඩබ්ලිව් එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් සේනාවිධායකගේ පැමිණීමෙන් පසු ප්‍රධාන උත්සවය ආරම්භ විය.
මෙම ගුණානුස්මරණ උත්සවයේදී ආගමික වතාවත් සිදුකිරීම, මිනිත්තු දෙකක නිශ්ශබ්දතාව පැවැත්වීම, අනුස්මරණ කථනය, ස්මාරකයට පුෂ්පෝපහාර පුදකිරීම, බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු සිහිකිරීමේ බියුගල් නාදය වාදනය කිරීම ඇතළු අනෙකුත් හමුදා සම්ප්රදායන්ගෙන් සමන්විත විය.
ලලි කොබ්බෑකඩුව මහත්මිය ඇතුළුව පවුලේ සාමාජිකයින් සමඟ 64, 21 සහ 22 පාබල සේනාංකවල සේනාංකාධිපති, උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ නිලධාරීන් සහ සෙසු නිලයින් ද සමරු උත්සවයට එක් විය.