Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

03rd September 2024 22:58:09 Hours

විධාන සංක්‍රාන්තිය: 5 විමර්ශණ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය

5 වන විමර්ශණ රෙජිමේන්තුව එහි 15 වන අණදෙන නිලධාරී, ලුතිනන් කර්නල් ඒ කේ ගමගේ පීඑස්සී වෙත සමු දුන්නේ ඔහුගේ බලගතු නායකත්වය සහ කැපවූ සේවය අවධාරණය කළ හෘදයාංගම උත්සවයකදීය.

දිනයේ ක්‍රියාන්විතයන් සඳහා කඳවුරු මුර සංචාරයක්, උත්කර්ෂවත් පෙළපාලියක් සහ සියළු නිල තේ පැන් සංග්‍රහයක් ඇතුළත් වූ අතර, එහිදී ලුතිනන් කර්නල් ඒ කේ ගමගේ පීඑස්සී විසින් භට පිරිස් ඇමතීමට අවස්ථාව ලබා ගත් අතර, තම සේවා කාලය තුළ ඔවුන් දැක්වූ නොසැලෙන සහයෝගයට කෘතඥතාව පළ කළේය.

2024 සැප්තැම්බර් 3 වන දින, රෙජිමේන්තුවේ පොහොසත් සම්ප්‍රදායන් අවධාරනය කරන ලද උත්සවයකදී ලුතිනන් කර්නල් කේ ඩී එස් නන්දියසේන යූඑස්පී පීඑස්සී 5 වන විමර්ශණ රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ 16 වන අණදෙන නිලධාරී ලෙස නිල වශයෙන් අණදෙන ලදී.

නව නායකත්වයේ අරුණළු සනිටුහන් කරමින් සංකේතාත්මකව පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව, හමුදා සිරිත් විරිත් සඳහා රෙජිමේන්තුව දක්වන ගැඹුරු ගෞරවය පිළිඹිබු කරමින් ආරක්‍ෂක භට සහභාගි වීමෙන් කඳවුරු මුරයකින් උත්සවය ආරම්භ විය. ලුතිනන් කර්නල් සංජය නන්දියසේන භට පිරිස් අමතා කළ දේශනයේදී රෙජිමේන්තුව තුළ විනය, දැඩි පුහුණුව සහ එකමුතුකමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළේය. ‘හමුදාවේ මූලික කාර්යභාරය වන්නේ යුද්ධයට සටන් කිරීම හෝ යුද්ධයට සූදානම් වීම, රෙජිමේන්තුව වැදගත් තැනට නායකත්වය දීමට සැමවිටම සූදානම් බව සහතික කිරීම’ බව ඔහු දැඩිව අවධාරණය කළේය.

රෙජිමේන්තුවේ උරුමය සහ මෙහෙවර ආරක්ෂා කිරීමට කැප වූ මෙම තීරණාත්මක කාර්යභාරය තම නව අණදෙන නිලධාරියා භාරගත් අවස්ථාවේදී නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට සිය සුබ පැතුම් පිරිනැමීමට අවස්ථාව ලැබුණු තේ පැන් සංග්‍රහයකින් එදින කටයුතු අවසන් විය.