07th August 2024 10:54:29 Hours
2024 අගෝස්තු 7 වන දින, ලුතිනන් කර්නල් ජී අයි ඩී ඩී ධර්මරත්න ආර්එස්පී යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කීර්තිමත් 4 වන සන්නද්ධ රෙජිමේන්තුවේ 20 වන අණදෙන නිලධාරියා ලෙස වැඩ භාර ගන්නා ලදී. ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් නිල වශයෙන් වැඩ භාරගත් නව අණදෙන නිළධාරියා පිළිගැනීම සඳහා මුර සංචාරයක් ද මෙම විධිමත් හමුදා උත්සවයට ඇතුළත් විය.
උත්සවයේ කොටසක් ලෙස ලුතිනන් කර්නල් ඩිලාන් ධර්මරත්න කඳවුරු පරිශ්‍රය තුළ පැළයක් රෝපණය කර භට පිරිස් ඇමතීය. රෙජිමේන්තු නිලධාරීන් සහ සෙසුනිලයින් ඔහුගේ ඉදිරි වැඩකටයුතු සඳහා සිය උණුසුම් සුබපැතුම් පළ කළහ.
2024 අගෝස්තු 6 වන දින, 4 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේදී, නික්ම යන අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී එම් වී එම් ආර් දිසානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී වෙත සමුදීමේ උත්සවයක් පවත්වන ලදී. හමුදා සම්ප්‍රදායට අනුව ලුතිනන් කර්නල් වෙනුර දිසානායක මහතා වසර 1 යි මාස 4 ක කීර්තිමත් ධූර කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සිය රාජකාරී භාර දුන්නේය. සමුගැනීමේ උත්සවයට ඔහුගේ විශිෂ්ඨ සේවයට ගෞරව දැක්වීම සඳහා මුරකාවල් පිරිවරක් සහ උත්සව පෙළපාලියක් ද ඇතුළත් විය.
මෙම උත්සවය අතරතුර ලුතිනන් කර්නල් වෙනුර දිසානායක භට පිරිස් අමතමින් සමූහ ඡායාරූපයකට ද සහභාගි විය. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ 4 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කර්නල් වෙනුර දිසානායක මහතාගේ ධූර කාලය නිමා කරමින් සර්ව නිල තේ පැන් සංග්‍රහයකින් උත්සවය අවසන් විය.