Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

28th September 2024 16:07:25 Hours

නව කර්නල් සේනාවිධායක තුමාගේ 3 වන සන්නද්ධ රෙජිමේන්තුවේ නිල සංචාරය

2024 සැප්තැම්බර් 28 වන දින, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් සේනාවිධායක සහ 64 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම් එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී 3 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව වෙත පැමිණියේය. ඔහු සමඟ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ පී සී ආර් ප්‍රේමතිලක ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධීපති බ්‍රිගේඩියර් ඒ ඒ ඩී පී කුලතිලක යූඑස්පී එන්ඩීසී පීඑස්සී ද එක්ව සිටියහ.

ඔහු පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ රණවිරු ස්මාරකය වෙත ගොස් මියගිය රණවිරුවන් වෙත පුෂ්පෝපහාර දැක්වීම සඳහා පුෂ්පෝපහාර දැක්වූ අතර, අනතුරුව 3 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී විසින් උණුසුම් පිළිගැනීමක් ද සිදු කරන ලදී. ඉන් අනතුරුව ඔහුව පිළිගැනීමෙන් පසුව එම ඒකකයේ භටපිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලැබූ අතර මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා රෙජිමේන්තු ස්මාරකය වෙත පුෂ්පෝපහාරයක් ද තබන ලදී.

සිය සංචාරය අතරතුර කඳවුරේ පැළයක් රෝපණය කළ ඔහු 3 වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව වෙත කළ සංචාරය සිහිපත් කිරීම සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. කර්නල් සේනාවිධායකතුමා විසින් අණදෙන නිළධාරීවරයාගේ සවිස්තරාත්මක දැනුවත් කිරීමකට ද සහභාගී වූ අතර, අනතුරුව කර්නල් සේනාවිධායක විසින් සියළුම නිලධාරීන් ඇමතීම සිදු කරන ලදී. අනතුරුව කඳවුරු පරිශ්‍රය නිරීක්‍ෂණය කර භට පිරිස් අමතා සිරිත් විරිත්, සම්ප්‍රදායන්, මූල්‍ය කළමනාකරණය සහ සෙබළෙකුගේ සාරධර්ම ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

කර්නල් සේනාවිධායක තුමන් කඳවුරෙන් පිටත්ව යාමට පෙර වි‍ශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් තබමින් සංචාරයේ වැඩකටයුතු අවසන් කෙරෙණි.