?
27th August 2023 11:11:59 Hours
23 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 232 වන පාබල බලසේනාවට අයත් 4 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් මඩකලපුව, උන්නිච්චායි ප්‍රදේශයේ පිහිටි කරවෙඩ්ඩියාරු විජිතා විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් 20 දෙනෙකු සඳහා පාසල් උපකරණ ප්‍රධානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත. 4 වන ගැමුණු හේවා බලඇණියෙහි අණදෙන නිලධාරී මේජර් එස් පි අයි එච් සේනානායක පිඑස්සි එල්එස්සි ගැහේබ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ අතර, වැඩසටහන 2023 අගෝස්තු 23 වන දින පවත්වන ලදි. එහිදී එක් සිසුවෙකු සඳහා රු. 2500 ක් වටිනා පාසල් උපකරණ කට්ටලය බැගින් පිරිනමන ලදි.
26th August 2023 16:24:27 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, එම භටපිරිස් සහ සුරියපුර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග එක්ව 2023 අගෝස්තු මස 24 වන දින පෙරාරු ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන අයිස් (Methamphetamine) ග්‍රෑම් 2.930 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරු ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කන්තලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.
25th August 2023 16:21:19 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, එම භටපිරිස් සහ කන්තලේ පොලිස් නිලධාරීන් සමග එක්ව 2023 අගෝස්තු මස 23 වන දින ගන්තලාව ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන හෙරොයින්(Heroin) මිලි ග්‍රෑම් 270 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරු ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කන්තලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.
22nd August 2023 10:11:03 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, එම භටපිරිස් සහ කන්තලේ පොලිස් නිලධාරීන් සමග එක්ව 2023 අගෝස්තු මස 21 වන දින පෙරාරු ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන (Methamphetamine) අයිස් ග්‍රෑම් 1.450 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරු ඉදිරි විමර්ශණ කටයුතු සඳහා තබලගමුව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.
22nd August 2023 09:36:01 Hours
3 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, එම භටපිරිස් සහ තිරුක්කෝවිල් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් සමග එක්ව 2023 අගෝස්තු මස 20 වන දින අක්කරපත්තු ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන (Methamphetamine) අයිස් ග්‍රෑම් 37.640 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරු ඉදිරි විමර්ශණ කටයුතු සඳහා අක්කරපත්තු පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.
20th August 2023 11:12:27 Hours
4 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිළධාරී මේජර් එස් පි අයි එච් සේනානායක පිඑස්සි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් සහ මාර්ගෝපදේශයන්ට අනුව ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණය සහ රථවාහන අනතුරු අවම කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 අගෝස්තු 16 වන දින උන්නච්චි ධීවර සංගම් ශාලාවේදී පවත්වන ලදී.
16th August 2023 11:15:38 Hours
18 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරින් සහ භඨපිරිස් විසින් කල්මුනේ ප්‍රෙද්ශයේ පදිංචි සිවිල් වැසියන් අතුරින් හඳුනාගත් අඩුආදායම්ලාභි පවුල් කිහිපයක් සඳහා අඹ, දොඩම්, දෙළුම් සහ ජම්බු පැල බෙදාදීමේ වැඩසටහනක් 2023.08.12 වන දින ඒකක බළඇණි මූලස්ථානයේදී සිදු කරන ලදී. මෙම අවස්ථාව සදහා18 විපාරෙ ඒකක අණදෙන නිලධාරි තුමා ඇතුළු03 x 20 ක භඨ පිරිස් ප්‍රමාණයක් හා සිවිල් වැසියන් 50දෙනෙකු සහභාගි වන ලදි.
06th August 2023 12:49:56 Hours
2023.08.01 දිනට යෙදී තිබු ඇසල පුන් පොහොය දිනය නිමිත්තෙන් 23 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 233 වන පාබල බළසේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 9 ශ්‍රිලකාහ ඒකකයේ භඨෙපිරිස් විසින් සෝමාවතිය රජමහා විහාරයේ වාර්ෂිකව සිදු කරනු ලබන ඇසල මහා පෙරහැර සාර්ථකව පැවැත්වීම සදහා විහාරස්ථාන භුමිය සහ පෙරහැර පැවැත්වීමට නියමිත මාර්ගය පිරිසිදුකිරිමි සිදුකල අතර ඊට අමතරව පෙරහැර ගමන් කිරීමට නියමිත මාර්ගය සහ විහාරස්ථාන භුමිය අලංකාර කිරිම සදහා ලයිටි වැල් සහ බෞද්ධ කොඩි යොදා ඇසල මහා පෙරහැර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම සදහා මෙම ඒකකය වෙතින් 02 x 30 ක භඨපිරිස් ප්‍රමාණයක් යොදවා සහයෝගය ලබාදෙන ලදී.
24th July 2023 14:50:21 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) මූලස්ථානයේ සේවය කරන කාර්ය මණ්ඩලය සඳහා සුහදත්වය වර්ධනය කිරීමට 2023 ජුලි 22 වන දින වන්දනා චාරිකාවක් සංවිධානය කරන ලදී. නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ මාණ්ඩලික නිලධාරීන් විසින් මෙම චාරිකාව සංවිධානය කරන ලද අතර, ඒකාකාරී බව සමනය කිරීම සහ සහජීවනය වර්ධනය කිරීම මෙම චාරිකාව අරමුණ විය.
10th July 2023 09:45:24 Hours
2023 ජුලි මස 08 වන දින හබරණ රක්ෂිතයට අයත් ගල්ඔය, යකාවංගුව ප්‍රදේශයේ රක්ෂිතයෙහි හදිසි ගින්නක් ඇතිවු අතර, එම ගින්න අඩවි වනසංරක්ෂණ කාර්යාලය - හබරණ කාර්යය මණ්ඩලය සහ අවට ගම්වාසීන් සමඟ එක්ව ගින්න පාලනය කර පැතිරයාම අවම කිරීමට මුලික වශයෙන් කටයුතු කර ඇත. ඉන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨපිරිස් සහභාගී කර ගනිමින් කඩිනමින් මෙම හදිසි ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කරන ලදි.