04th July 2018 09:46:43 Hours
04th July 2018 09:29:03 Hours
06th June 2018 21:27:50 Hours
වන්නි මානුෂිය මෙහෙයුමේදී තුවාල ලබා අබාධිත තත්වයට පත් සෙ/470772 කෝප්රල් ලක්මාල් ඩබ්ලිව්කේඑස් - 8 ගරෙ කොනොනි හට ගජබා රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වි යුඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ගජබා රෙජිමේන්තුව විසින් අංක 298/බී1 ඒ, කනත්ත පාර, බොරළුගොඩ, අතුරුගිරිය යන ලිපිනයේ ඔහුට අයත් ඉඩමේ නවතමයෙන් ඉදිකරන ලද දෙමහල් නිවසේ යතුර භාරදීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් මහේෂ් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වි යුඑස්පී යුඑස්ඒසීජීඑස්සී ගේ සුරතින් 2018 ජුනි මස 06 වන දින පෙරවරු 0857 යෙදුනු සුභ මොහොතින් සිදුකරන ලදි.
26th May 2018 13:44:08 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරල් සහ ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන්ගේ මගපෙන්වීම හා පුර්ණ අධීකෂණය මත රෙජිමේන්තුවට අයත් නිලධාරීන් සඳහා නිලධාරී පුහුණු වැඩමුලූවක් 2018 මැයි මස 25 වන දින නිලධාරීන් 200 කගේ පමණ සහභාගීත්වයෙන් ගජබා නිවහනේදී පැවැත්විණී
19th May 2018 11:34:45 Hours
ශ්‍රී ලංකා ධරණී තලයෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දමා වසර 09 ක් සපිරීම නිමිත්තෙන් යුද්ධයේදී මියගිය විරෝධාර විරුවන් අනුස්මරණය කිරිමේ වැඩසටහනක් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2018 මැයි මස 08 වන දින පෙරවරු 0930 පැයට සිදුකෙරිණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් අනුව ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ විධායක ජෙනරල් මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම රණවිරු සැමරුම් උත්සවයට රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රෙජිමේන්තු මධ්‍යස්ථාන කා:නි: සේනාවිධායක කර්නල් හරේන්ද්‍ර පිරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී, නියෝජ්‍ය සේනාවිධායක, ඒකක අණදෙන නිලධාරින්, රෙම මාණ්ඩලික නිලධාරින් ඇතුළු නිලධාරින් විශාල පිරිසක්ද, සෙසුනිලයින් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි විය. පළමුව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ සහ පිතෘවරයාණන් වන අභීත සෙන්පති දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්නයන්ගේ පිළිරුව වෙත මල් කළඹක් තබා සිය ආචාරය පුදකල වත්මන් රෙජිමේන්තු අධිපතිතුමන්, ඉන් අනතුරුව ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය අභියස පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
01st May 2018 15:01:04 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරල් හා ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්වීම මත ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් මෙවරත් වෙසක් උත්සවයට සමගාමීව රෙජිමේන්තුවට අයත් සියලූ බළඇණි හා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඇති අංශ හා ආයතන විසින් නිර්මාණය කරන ලද වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක් හා විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණි.
23rd April 2018 16:45:47 Hours
10th April 2018 14:22:13 Hours
22nd March 2018 12:43:42 Hours