Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

17th June 2024 09:16:42 Hours

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු වෙඩිතැබීමේ තරගාවලියේ ශුරතාවය දිනූ ගජබා විරුවන් සිය නිවහනේදී උපහාර ලබයි.

2024 වසරේ අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරඟාවලියේ ශූරයින් වූ කෙටේරිවරුන් පිළිගැනීම සඳහා උපහාර උළෙලක් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

යුධ හමුදා කුඩා අවි සංගමය (ASAA) විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරගය 2024, දියතලාව, 'ස්නයිප ර්වරුන්ගේ නිවහන' ලෙස ප්‍රචලිත දියතලාව, ප්‍රගුණ සහ සැඟවුනු වෙඩික්කරු පුහුණු පාසල (MSTS) හිදි 2024.03.26 සඳුදා පස්වරුවේ අවසන් විය, අධ්‍යක්ෂ ජෙනරාල් පාබල සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ සේනාවිධායක මේජර් ජෙනරාල් කේපීඑස්ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

ජයග්‍රාහී කණ්ඩායම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අරුණ විජේකෝන් යූඑස්පී එන්ඩීසී ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිත්‍ය කාර්ය මණ්ඩලයේ සියළු සාමාජිකයින් විසින් අභිමානවත් අයුරින් පිළිගනු ලැබීය.

පසුව ඔවුන් ගජබා නර්තන ශිල්පීන්ගේ අලංකාරවත් සාම්ප්‍රදායික පෙරහැරකින් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන වේඩිපිටිය වෙත කැඳවාගෙන එනු ලැබූ අතර, එහිදී ඔවුන් වෙනුවෙන් උපහාර උලෙලක් සංවිධානය කර තිබුණි.

උපහාර උත්සවයේ දී මධ්‍යස්ථාන සේනාවිධායක විසින් ජයග්‍රාහී කණ්ඩායමට යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙනුවෙන් සිය සුභාශිංසන පිරිනමන ලද අතර, එම අවස්ථාවට සහභාගී වූ රෙජිමේන්තු කාර්ය මණ්ඩලයේද සුභ පැතුම් සමගින් උත්සවය අවසන් විය.

අන්තර් රෙජිමේන්තු සටන් වෙඩි තැබීමේ හමුව - 2024 කෙටි ප්‍රතිඵල පත්‍රය පහත පරිදි වේ.

1. දක්ෂතම නිලධාරියා (විවෘත අංශය) 3 වැනි ස්ථානය -කපිතන් ඩබ්ලිව් එච් ටී එල් ගුණතිලක - 5 (ස්වේ) ගජබා

2. හොඳම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියා (විවෘත අංශය) දෙවැනි ස්ථානය -සැරයන් තුසිත කුමාර එල්ඩබ්ලිව්ආර්එන් - 11(ස්වේ) ගජබා

3. කෝප්‍රල් (විවෘත අංශය) 3 වැනි ස්ථානය – කෝප්‍රල් ප්‍රසන්න ජේඒ - 4 ගජබා

4. දක්ෂතම ලාන්ස් කෝප්‍රල් (විවෘත අංශය) 3 වැනි ස්ථානය - ලාන්ස් කෝප්‍රල් අන්දරවැව ඒඑම්සීඑන් - 4 ගජබා

5. හොඳම නිලධාරියා (ආධුනික අංශය) 3 වැනි ස්ථානය - ලුතිනන් ඩී.එම්.යූ.බී.ආර් දිසානායක - 6 ගජබා

6. අදියර 4 ප්‍රථම ස්ථානය - සැරයන් තුසිත කුමාර එල්ඩබ්ලිව්ආර්එන් - 11(ස්වේ) ගජබා

7. අදියර 4 දෙවන ස්ථානය - කෝප්‍රල් ප්‍රසන්න ජේඒ - 4 ගජබා

8. අදියර 6 දෙවන ස්ථානය - කෝප්‍රල් ප්‍රසන්න ජේඒ - 4 ගජබා

9. සමස්ත තරඟාවලියේ 4 වන ස්ථානය - කෝප්‍රල් ප්‍රසන්න ජේඒ - 4 ගජබා

10. සමස්ථ තරඟාවලියේ 5 වන ස්ථානය - සැරයන් තුසිත කුමාර එල්ඩබ්ලිව්ආර්එන් -11(ස්වේ) ගජබා

11. සමස්ත තරඟාවලියේ 10 වන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් අන්දරවැව ඒඑම්සීඑන් - 4 ගජබා

12. සමස්ත තරඟාවලියේ 12 වන ස්ථානය - සැරයන් වලිසුන්දර ඩබ්ලිව්එම්ජේඑම් - 20 ගජබා

13. සමස්ත තරඟාවලියේ 16 වන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් හේමප්‍රිය එම්එල්එල් - 20 ගජබා