Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

ක්‍රීඩා හා මලල ක්‍රීඩා

යුද හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලිය 2023 තරඟාවලියේදී ගජබා රෙජිමේන්තු ජූඩෝ කණ්ඩායම පදක්කම් දහයක් දිනා ගනී

යුද්ධ හමුදා ජූඩෝ සංගමය විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලිය 2023 සැප්තැම්බර් 11 දින සිට 14 දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු අතර මෙම තරඟාවලියේදී ගජබා ජූඩෝ කණ්ඩායම සිය හැකියාවන් මනාව පිළිබිඹු කරමින් අනුශූරතාව දිනාගැනීමට සමත්වන ලදි.

මෙම තරඟාවලිය සඳහා විවිධ බර පන්ති යටතේ ක්‍රීඩකයින් 202 ක් සහභාගී වූ අතර, ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 22 ක් සහභාගී විය. මෙම තරඟාවලියේදී කෙටේරි ක්‍රීඩකයින් රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් දිනා ගැනීමට සමත් වන ලදි.

Sinhala

අන්තර් රෙජිමේන්තු මේස පන්දු තරඟාවලියේ ශුරතාවය ගජබා රෙජිමේන්තුවට

2023 වසරේ පැවති අන්තර් රෙජිමේන්තු මේස පන්දු ශූරතාවලිය සැප්තැම්බර් මස 19, 20 සහ 21 දිනයන්හිදී පනාගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පාසල් ජිම්නාස්ටික් පරිශ්‍රයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු 08 ක මේස පන්දු කණ්ඩායම් නියෝජනය කරමින් පැවති මෙම තරඟාවලියේදී ඉතා විශිෂ්ට අයුරින් දස්කම් පාමින් ක්‍රීඩාකල ගජබා රෙජිමේන්තු මේස පන්දු කණ්ඩායම විසින් සමස්ථ තරඟාවලියේ ශුරතාවය දිනාගන්නා ලදි.

විවෘත පිරිමි කේවල තරඟ ඉසව්ව

ශුරතාවය - සෙ/2021වීඑෆ්ආඩී 10314 ආසෙ නිරෝෂන කේඑල්එන් (රෙමගරෙ)

Sinhala

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මුයිතායි 2023 තරඟාවලියේ පදක්කම් දාහතරක් ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයෝ දිනා ගනී

2023 සැප්තැම්බර් මස 24, 25, 26 සහ 27 යන දිනයන්හිදී පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති අන්තර් රෙජිමේන්තු මුයිතායි ශූරතාවලිය - 2023 හිදී යුද්ධ හමුදාවට අයත් රෙජිමේන්තු 11 ක තරඟකරුවන් 75 කට අධික සංඛ්‍යාවක් අභිබවා යමින් ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයෝ අනුශූරතාව දිනා ගත්හ.

තරඟාවලිය සඳහා විවිධ බර පන්ති යටතේ කෙටේරියන් ක්‍රීඩකයින් 25 දෙනෙකු සහභාගී වූ අතර, තරඟාවලියේදී ඔවුන් විසින් කැපී පෙනෙන දස්කම් දක්වමින් රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගැනීමට සමත්වන ලදි.

රන් පදක්කම් ලබා ගත් ක්‍රීඩකයින්:

Sinhala

ගජබා රෙජිමේන්තු යතුරුපැදි ධාවක බුද්ධික සෙනවිරත්න විසින් මහමේරුව රැලි ක්‍රොස්-2024 සුපර් මෝටාර්ඩ් 250 සීසී සහ 450 සීසී විවෘත ඉසව්වල නැගී එන ශූරයා සහ පළමු අනුශූරතාව හිමිකර ගනී

2024 ජනවාරි 13 සිට 14 දක්වා ගිරිඋල්ල මහමේරුව මෝටර් රථ ධාවන පථයේදී පවත්වන ලද 'මහමේරුව රැලි ක්‍රොස් - 2024' තරඟාවලියේ ගජබා රෙජිමේන්තුවේ යතුරු පැදි ධාවක පාබල සෙබල බුද්ධික සෙනවිරත්න එල් විසින් සමස්ත සුපර් මෝටාර්ඩ් 250 ඉසව්වේ ශූරතාව දිනාගත් අතර 450 සීසී විවෘත ඉසව්වේ පළමු අනුශූරයා බවට පත්විය. ඔහුගේ විශිෂ්ට ජයග්‍රහණ සඳහා දිවයින පුරා සිටින තරඟකරුවන් සහ ක්‍රීඩාලෝලීන් මෙන්ම ගජබා පවුලේ සියළුම සාමාජිකයින්ගේ උණූසුම් සුබ පැතුම් නිතැතින්ම ඔහු වෙත පිරිනමන්නෙමු.

Sinhala

අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලියේ ජය ගජබා රෙජිමේන්තුවට හිමිවිය.

කෙටේරියන්ස් - 2024 අන්තර් රෙජිමේන්තු ජූඩෝ තරඟයේදී විශිෂ්ට ජයග්‍රහණයක් සැමරූ අතර, එය සිත් ඇදගන්නාසුළු ප්‍රතිඵල සමඟින් අවසන් විය.

විවෘත ඉසව්ව: ශූරයන්

රන් පදක්කම් - 04

රිදී පදක්කම් - 04

ලෝකඩ පදක්කම් - 10

නවක කාණ්ඩය: 2වන අනුශූරතාව

රන් පදක්කම් - 02

ලෝකඩ පදක්කම් - 06

Sinhala