Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය

යුද්ධ හමුදාවේ සෑම රෙජිමේන්තුවකම බළඇණි ව්‍යාප්තිය තුල එම බළඇණිවල පාලන කටයුතු විධිමත්ව හා ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදා මුලස්ථානය මගින් රෙජිමේන්තු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමට සැළසුම් කල අතර, 37/89 දරණ හමුදා චර්යා නියෝගයට අනුව ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය 1989 ජුලි 25 වන දින සාලියපුර කඳවුරේදී සුභ හොහොතින් විවෘත කරන ලදී. වර්ථමානයේ නිත්‍ය බළඇණි 14 ක්, ස්වේච්ඡා බලඇණි 6 ක් හා රෙජිමේන්තු මුලස්ථාන බළඇණියෙන්ද සමන්විත වන ගජබා රෙජිමේන්තුවේ පරිපාලන කටයුතු රෙජිමේන්තු මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරයි.

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මෙහෙයවීම හා පාලන කටයුතු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක යටතේ සිදුවන අතර, ඔහු රෙජිමේන්තු අධිපති තුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ රාජකාරීන් ඉටුකරනු ලබයි. රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන වගකීම වනුයේ යුධ හමුදා මූලස්ථානය සමග සම්බන්ධතාවයෙන් සියලුම පරිපාලන කටයුතු වල නිසි පැවැත්ම තහවුරු කිරීමයි. ගජබා රෙජිමේන්තුව තුල හා ඉන් පිටත ස්ථානයන් ස‍‍ඳහා සිදුකරනු ලබන යා කිරීම්/අරෙසෙ මත ඇතුලත් කිරීම්, නිලධාරින්ගේ උසස්වීම්, නිල ස්ථීර කිරීම් සඳහා නිර්දේශ ලබාදීම, සෙසුනිලයන් උසස් කිරීම, නිලධාරින් සහ සෙසුනිලයන් සුදුසුස්සන් තේරීම සඳහා පුහුණු කිරීම් කටයුතු හා ඒවා සම්බන්ධීකරණය කිරීම, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් ස‍ඳහා නාම යෝජනා ලබාදීම, උත්සව කටයුතු සම්බන්ධීකරණය කිරීම, රෙජිමේන්තුවට අයත් සියලු මූල්‍ය කටයුතු සම්බන්ධීකරණය කිරීම, රෙජිමේන්තුව සඳහා ආධුනිකයින් බඳවා ගැනීම මෙන්ම ඔවුන්ගේ පාලන කටයුතු සිදුකිරීම, රෙජිමේන්තුවට අයත් මියගිය/අතුරුදහන් සියළු නිලයින්ගේ පවුල්වල සුභසාධන කටයුතු මෙන්ම මෙන්ම රට දැය වෙනුවෙන් යුධ වැදී රනක්ෂිතයට පත් සියළුම නිලධාරී සහ සෙසුනිළයින් සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධන කටයුතු පිළිබ‍‍ඳ සොයාබැලීම මෙන්ම රෙජිමේන්තුව සහ රෙජිමේන්තුවේ අනෙකුත් පරිපාලන හා රෙගුලාසි පද්ධතිය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම රෙජිමේන්තු මධ්‍යස්ථානය මගින් මුලික වශයෙන් සිදුකරනු ලබයි. මෙම කාර්යයන්හි පහසුව සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානය ප්‍ර ශාඛාව, පා ශාඛාව හා භකාස ශාඛාව යනුවෙන් ප්‍රධාන වශයෙන් ශාඛාවන් තුනකට බෙදා වෙන් කොට ඇත.

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන තනතුරු හොබවන්නන්

  තනතුර නම
1 රෙජිමේන්තු අධිපති

ලුතිනන් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ

2. මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච් ටි ඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී
3. නි: මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ ආර් කළුපහන ආර්එස්පී යූඑස්පී
4. ප්‍රමානි 1 ලුතිතන් කර්නල් ඩබ්ලිව් බී එම් එම් එන් වීරසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඵස්පී
5. මානි 1 ( පා ) ලුතිතන් කර්නල් ඩී සූරියආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
6. මානි 1 (භකාස) ලුතිතන් කර්නල් ආර්එම් සෙනෙවිරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී
7. ස්වේච්ඡා සම්බන්ධීකරණ නිලධාරි (Vol) ලුතිතන් කර්නල් ජීබීඡේ ෆොන්සේකා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
8. මානි 1 (VA) ලුතිතන් කර්නල් කේකේ ජයසිංහ
9. විධායක අධිකාරි මේජර් ඩබ්ලිව් ඒ එන් එස් කේ වීරක්කොඩි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී
10. රෙජිමේන්තු සැරයන් මේජර් බනි I ඩබ්ලිව් එම් එස් විජේරත්න