Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

18th March 2024 22:21:49 Hours

මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ බළඇණි සංචාරය

මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අරුණ විජේකෝන් යුඑස්පී එන්ඩීසී විසින් 2024 පෙබරවාරි 09 වන දින 2(ස්වේ) බළඇණිය ගජබා රෙජිමේන්තුවේ ඒකක සංචාරයක් සිදු කරන ලදී. ඒකක මුලස්ථානය පිහිටි ත්‍රිකුණාමලය කඳවුර වෙත පැමිණි මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ව අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කපිල ධර්මදාස විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, මධ්‍යස්ථාන සේනාවිධායක තුමා හට සම්මාන මුරයක්ද පිරිනමන ලදි. මෙහිදි බලඇණි සංචාරය සනිටුහන් කරමින් මධ්‍යස්ථාන සේනාවිධායක තුමා විසින් රුක් රෝපනයක්ද සිදු කරන ලදි.

ඉන් අනතුරුව, අණදෙන නිළධාරී විසින් මධ්‍යස්ථාන සේනාවිධායක වෙත බළඇණිය සබැඳි විස්තර ඇතුළත් බලඇණි ඉදිරිපත් කිරීම සිදු කරන ලදි. එහිදී රාජකාරි, පරිපාලන සහ සුභසාධන කටයුතු යන සෑම අංශයකටම අදාළ කරුණු ඇතුළුව ගැටළු රාශියක් පිලිබද සාකච්ඡාවක් සිදු කරන්නට විය.

පසුව කඳවුරු පරිශ්‍රය නිරීක්ෂණය කළ ඔහු සෙබළුන්ගේ යටිතල පහසුකම් සහ ජීවන තත්ත්වය නගා සිටුවීමට කටයුතු කරන ලෙස අණදෙන නිලධාරී හට උපදෙස් ලබා දුන්නේය.

මධ්‍යස්ථාන සේනාවිධායක තුමා විසින් භට පිරිස් අමතමින්, නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ උසස් විනය, හැසිරීම් සහ හැසිරීම් රටාවන් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට උපදෙස් ලබාදුන් අතර, ඇතැම් හමුදා සාමාජිකයින්ගේ නීති විරෝධී ක්‍රියාකාරකම් මෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම වලක්වා ගැනීමට ඇවැසි වැඩිදුර උපදෙස් මාලාවක් ලබාදුන්නේය.

බළඇණි නිලධාරී නිවස්නයේදී සියලුම නිලධාරීන් සමඟ සුහද කතාබහකින් පසු මෙම සංචාරය අවසන් විය.

ගජබා රෙජිමේන්තුවේ ස්වේච්ඡා සම්බන්ධීකරණ නිලධාරී කර්නල් බෙනට් ෆොන්සේකා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, රෙජිමේන්තු විධායක අධිකාරි සහ රෙජිමේන්තු සැරයන් මේජර් මෙම සංචාරයට එක්ව සිටියහ.