Header

Security Forces Headquarters
(East)

16th November 2024 09:24:05 Hours

3 (සෙව්) කාන්තා බළකායේ බලඇණි පාඨමාලාව සාර්ථකව නිම කරයි.

3 (සෙව්) කාන්තා බළකාය ඉතා සාර්ථක ලෙස බලඇණි පුහුණු පාඨමාලාව අවසන් කරන ලදී. බලඇණි පුහුණු පාසල - පුනානි විසින් පවත්වන ලද මෙම පාඨමාලාව. 2024 නොවැම්බර් 12 වන දින ඔවුන්ගේ පුහුණුව සහ වෘත්තීය සංවර්ධනයේ කැපී පෙනෙන ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, සහභාගී වූ සෙබලියන්ගේ කැපවීම සහ කාර්ය සාධනය අගය කළ ආරක්‍ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) ආඥාපති විසින් අවසන් දේශනයකින් පාඨමාලාව අවසන් කරන ලදී. සිය අවසන් දේශනය අතරතුර ආරක්‍ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) ආඥාපති විසින් කාන්තා සෙබලියන්ගේ චිත්ත ධෛර්ය, දරා ගැනීමේ හැකියාව සහ විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම අගය කරන ලදී. මෙම පුහුණුව ඔවුන්ගේ මෙහෙයුම් හැකියාවන් වැඩිදියුණු කිරීම පමණක් නොව, හමුදාවේ අනෙකුත් කාන්තාවන්ට ආදර්ශයක් වනු ඇති බවයි.

උත්සවය සහ සම්මාන

ආරක්‍ෂක සේනා මුලස්ථාන (නැගෙනහිර) ආඥාපති සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් කුසලාන ලබා ගත් කාන්තා සෙබළලියන්ගේ සුවිශේෂී ජයග්‍රහණ මෙහිදී ඇගයීමට ලක් විය. පාඨමාලාවේ විවිධ අංගවල කැපී පෙනෙන දක්ෂතා දැක්වූවන් සඳහා විශේෂ සම්මාන පිරිනැමිණි.

දක්ෂතම වෙඩික්කාරිය : O/11500 2/ලුතිතන් එන් ඩි එස් නවෝදිකා ශ්‍රීලකාබ දක්ෂතම වෙඩික්කාරිනිය ලෙස සම්මාන ලබන ලදී.

දක්ශතම ශාරීරික යෝග්‍යතා සෙබලිය : S/ආර්102813 කාසෙ මධුභාෂිනි ජේ එල් වි හොදම ශාරීරික යෝග්‍යතා සෙබලිය ලෙස සම්මාන ලබා ගත්තේය. හොඳම ඉදිරිපත් කිරීමේ කණ්ඩායම : බි කණ්ඩායම.

සෑම අතින්ම අතිශූර ශිෂ්‍යයාව : O/11500 2/ලුතිතන් එන් ඩි එස් නවෝදිකා ශ්‍රීලකාබ.

හොඳම කණ්ඩායම : බි කණ්ඩායම.