-
19th February 2022 23:54:50 Hours
-
17th February 2022 19:33:21 Hours
-
16th February 2022 20:03:31 Hours
-
10th February 2022 23:52:17 Hours
65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ සමරසිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත හා 651 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් ඩබ්ලිව් බණ්ඩාර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණය යටතේ 19 බළඇණිය ශ්‍රීලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් කේ අසංක ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් පාසැල් ළමුන් සදහා පාසැල් උපකරණ බෙදාදීමේ උත්සවයක් 2022 පෙබරවාරි 08 වන දින ඉරනමාතානගර් රෝමාණු කතෝලික පාසලේදී පවත්වන ලදි. මේ සදහා මුලංකාවිල් ජාතික පාසල, නච්චිකුඩා දෙමළ මිශ්‍ර පාසල, වෙල්ලන්කුලම් මිශ්‍ර පාසල, කනේෂපුරම් ප්‍රාථමික පාසල, තේවම්පිඩ්ඩි රෝමාණු කතෝලික දෙමළ මිශ්‍ර පාසල සහ කල්විලාන් රජයේ දෙමළ මිශ්‍ර පාසල්වල අඩුආදායම් ලාභි පවුල් තුල ජීවත් වන පාසල් ළමුන් 63 දෙනෙකු සදහා පාසල් උපකරණ බෙදාදෙන ලදි. මෙම අවස්ථාව සදහා යුද්ධ හමුදා නිලධාරි, සෙසුනිළයින්, පාසල් ගුරුවරුන් සහ සිවිල් වැසියන්ගේ සහභාගීත්වයෙන් 65 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි
-
09th February 2022 22:18:11 Hours
ආරක්ෂක සේනා ආඥාපති (වන්නි) මේජර් ජෙනරාල් සී ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මග පෙන්විම මත හා 65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ සමරසිරි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ සෙබලුන්ගේ පුහුණුවීම් වල වැදගත්කම හා අවශ්‍යතාවය පාදක කර ගනිමින් ආරක්ෂක සේනාව (වන්නි) යටතේ පාලනය වන 21, 54, 56, 62 සහ 65 පාබල සේනාංකයන් යටතේ ඇති සියළුම බළඇණියන්හී කොමිෂන් නොලත් නිළධාරින් සදහා මූලික යුධ උපක්‍රම පිලිබද සංස්කරණ පාඨමාලාව අංක - 01 මුලන්කාවිල් බළඇණි පුහුණු පාසැලෙහි 2022 ජනවාරි මස 24 වන දින සිට 2022 ජනවාරි 29 වන දින දක්වා සාර්ථකව පවත්වන ලද අතර, එහි දෙවන අධියරය 2022 පෙබරවාරි 07 වන දින සිට 2022 පෙබරවාරි මස 12 දින දක්වා 65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා මුලස්ථානය හා සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති කොවිඩ් - 19 වැලැක්වීමේ ක්‍රමවේදනයන් යටතේ ආරම්භ කරන ලදි.
-
09th February 2022 20:48:11 Hours
අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් හරිත කෘෂිකර්මය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2022 පෙබරවාරි 2 වැනි දින 21 පාබල සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විය. 21 පාබල සේනාංකය විසින් මෙම වැඩමුලුව සදහා පහසුකම් සලසා දුන් අතර හරිත කෘෂිකර්ම ව්‍යාපෘතින් හී නියැලෙන්නන් 225 දෙනෙකු මෙම වැඩමුලුව නියෝජනය කරන ලදි. එහිදී පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සිවිල් නියෝජිතයින් 145 දෙනෙක්ද යුද්ධ හමුදා නිළධාරින්/ සෙසුනිළයින් 80 දෙනෙකු හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් 30 දෙනෙකු මේ සදහා සහභාගි විය. මෙම වැඩමුළුව සදහා හරිත කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ දේශණ හා "කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ කෙසේද" යන්න ප්‍රායෝගික පුහුණුවද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විෂය ප්‍රවීණයන් විසින් ලබා දෙන ලදි.
-
08th February 2022 19:31:30 Hours
65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ සමරසිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම යටතේ 652 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව් ඒ යු එස් වනසේකර ආර්ඩබ්ලිව්පී යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණය යටතේ 10 වන බළඇණිය ශ්‍රීලංකා පාබල හමුදාවේ භඨ පිරිස් විසින් පලිනගර් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය ශ්‍රමදානයක් මගින් 2022.02.05 වන දින පිරිසිදු කරන ලදි