Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

20th January 2023 20:56:39 Hours

පාසල් ක්‍රීඩා ගුරුවරුන් සදහා කඹ ඇදිමේ ක්‍රීඩාව හදුන්වාදිමේ වැඩසටහනක් පැවැත්වීම

කඹ ඇදිමේ ක්‍රීඩාව පාසැල් වෙත හදුන්වා දි ක්‍රීඩා කණ්ඩායම් ආරම්භ කිරිම සදහා උතුරුමැද පලාත් අධ්‍යාපන දෙපාර් තමේන්තුවේ සම්බන්ධතාවයෙන් කැකිරාව හා තඹුත්තේගම කළාප අධ්‍යාපන කාර් යාලය යටතේ පාලනය වන පාසල් වලට අයත් ක්‍රීඩා උපදේශකයින් හා ක්‍රීඩා ගුරුවරුන් 75 දෙනෙකු වෙනුවෙන් කඹ ඇදිමේ පුහුණු වැඩසටහනක්,14 වන කාලතුවක්කු රෙජිමේන්තු කදවුරේදි 2023.01.17 දින පවත්වන ලදි. එම පුහුණු වැඩමුලුව සදහා කැකිරාව කළාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක (ක්‍රීඩා) එමි ආර් ඩබ් සි එස් ජයසේන, තඹුත්තේගම කළාප ගුරු උපදේශක, (සෞඛ්‍ය, ශාරිරික අධ්‍යාපන හා ක්‍රීඩා) කේ පි පෙරේරා මහතා හා කේ ඒ ඩි සුදත් ප්‍රියන්ත මහතා මෙන්ම යුද්ධ හමුදා හා ජාතික කඹ ඇදිමේ කණ්ඩායමේ සාමාජිකයින් සහභාගි වන ලදි.

මෙම වැඩසටහන 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති මේජර් ජෙනරාල් ජානක රණසිංහ ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. තවද මෙම වැඩසටහන සදහා සහභාගි වු සියලු පාසල් ක්‍රීඩා උපදේශකයින් හා ක්‍රීඩා ගුරුවරුන් වෙත සහතික පත්‍ර ප්‍රධානය කරන ලද අතර, එම අවස්ථාව සදහා යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද සහභාගිවන ලදි.