?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

සබැදිය

මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් එන් කේ ඩී බංඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පි එන්ඩියු පිඑස්සි
පාබල සේනාංකාධිපති
24 පාබල සේනාංකය

මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්එන්කේඩී බංඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වර්ෂ 1973 ක් වු ජනවාරි මස 18 වන දින කෑගල්ල මහ රෝහලේදී උපත ලබා ඇත. දිවයිනේ කීර්තිමත් පාසලක් වන නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය පාසල් අධ්‍යාපන කටයුතු අවසන් වනවාත් සමගම එල්ටිටිඊ ත්‍රස්ථවාදින් විසින් අප මාතෘභූමියට ප්‍රභල තර්ජනයක් එල්ලකර තිබු අවදියක තම පාසලෙන් ලද පන්නරයත් දෙමව්පියන්ගෙන් ලද ආශිර්වාදයත් සමග මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය සුරැකිමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව වර්ෂ 1991 ක් වු දෙසැම්බර් මස 09 වන දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට එක්ව කෙටි කාලීන පාඨමාලා අංක 03 යටතේ ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් පුහුණුව ලබා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් කෙඩෙට් නිලධාරි පාඨමාලාව සාර්ථකව නිමා කිරිමෙන් පසු දෙවන ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ කිර්තිමත් හා අභිමානවත් රෙජිමේන්තුවක් වන විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත ඇතුලත්ව තම යුද්ධ හමුදා දිවිය ආරම්භ කර ඇත.

පුරා වසර 34 කට අධික කාලයක් සක්‍රිය සේවයේ යෙදි සිටි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද්ධ හමුදා දිවිය තුල, අණ හා මාණ්ඩලික නිලධාරි තනතුරු රාශියක් හොබවා ඇත. 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ විධායක අධිකාරි, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II -රෙජිමේන්තු මධ්‍යස්ථානය විජයබාහු පාබල රෙජිමේන්තුව, නිලධාරි අණදෙන - 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, මාණ්ඩලික නිලධාරි II (පාලන) - පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය - යුද්ධ හමුදා මූලස්ථානය,දෙවන අණදෙන නිලධාරි හා අණදෙන නිලධාරි - 07 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, මාණ්ඩලික නිලධාරි I (සාමසාධක රාජකාරි) - ක්‍රියාන්විත අධ්‍යක්ෂක මණ්ඩලය - යුද්ධ හමුදා මූලස්ථානය, ප්‍රධානමාණ්ඩලික නිලධාරි I (සම්බන්ධීකරණ) - ආරක්‍ෂක සේනා මූලස්ථානය (වන්නි), ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත) - ආරක්‍ෂක සේනා මූලස්ථානය (වන්නි), අණදෙන නිලධාරි (මූලස්ථාන බළඇණිය) - කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, විධායක අධිකාරි - කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, කර්නල් ප්‍රධානමාණ්ඩලික නිලධාරි - ප්‍රධාන මාණ්ඩලික ශාඛාව - යුද්ධ හමුදා මූලස්ථානය, බලසේනාධිපති - 231 පාබල බලසේනා මූලස්ථානය (කල්ලඩි), බ්‍රිගේඩියර් ප්‍රධානමාණ්ඩලික - ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම), සේනාවිධායක - පාබල පුහුණු මධ්‍යස්ථානය (මින්නේරිය), අධ්‍යක්ෂ ජෙනරාල් - පුහුණු අධ්‍යක්‍ෂක මණ්ඩලය සහ සේනාංකාධිපති - 12 පාබල සේනාංක මුලස්ථානය වශයෙන්ද රාජකාරි ඉටුකර ඇත. මෙතුමන් දේශීය හා විදේශීය පාඨමාලාවන් රැසක්ද සමගින් තම වෘත්තීය දැනුම, කුසලතාවය හා නිපුණත්වය වර්ධනය කර ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

ඊට අමතරව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී රුදුරු ත්‍රස්තවාදයට එරෙහිව අද්විතීය නායකත්වයක් හා තම සක්‍රීය දායකත්වය ලබාදෙමින් නිර්භීතභාවය හා රණකාමීත්වය විදහා දක්වා ඇති අතර, යුද බිමෙහි දක්වන ලද දක්ෂතාවයන් හා වීර ක්‍රියාවන් වෙනුවෙන් පිදෙන විශිෂ්ඨතම සම්මානයන් වන රණවික්‍රම පදක්කමින් දෙවරක් හා රණශූර පදක්කම් වලින් පිදුම් ලබා ඇති අතර, යුද්ධ හමුදා සේවා කාලය තුල ගෞරවාන්විත නිකැලැල් සේවය ඇගයීම වෙනුවෙන් සන්නද්ධ දීර්ඝ සේවා පදක්කම හා උත්තම සේවා පදක්කම මෙන්ම එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී යටතේ රාජකාරී ඉටු කිරීම වෙනුවෙන් පිරිනමනු ලබන විදේශ සේවා පදක්කමෙන්ද අනෙකුත් ක්‍රියාන්විත සහ සංවත්සර වෙනුවෙන් ලබාදෙන ලද පදක්කම් වලින්ද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් පිදුම් ලබා ඇත.