
මේජර් ජෙනරාල් ජී පි පි කුලතිලක එන්ඩීසී
සේනාංකාධිපති
23 පාබල සේනාංකය
මේජර් ජෙනරාල් ප්‍රියංග කුලතිලක එන්ඩීසී ගුනමුණි කුලතිලක මහතා සහ ඔලුපොතගේ අයරින් මහත්මියගේ ආදරනීය පුත්‍රයා වන අතර එතුමන් කළුතරදී උපත ලබා හොරන විද්‍යාරත්න විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි, එහිදී එතුමන් හමුදා සේවයේ කැපී පෙනෙන වෘත්තියක් සඳහා අඩිතාලම ගොඩනැගීම ආරම්භ කළේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ එතුමන්ගේ ගමන ආරම්භ වූයේ 1991 දෙසැම්බර් මස 09 වන දින නිත්‍ය හමුදාවට බැඳීමත් සමඟය. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය දියතලාව වෙතින් කෙටි කාලීන පාඨමාලා අංක 03 යටතේ හමුදා පුහුණුව අවසන් කිරීමෙන් පසු, 1992 දෙසැම්බර් 19 වන දින අධිකාරියට පත්ව දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලද අතර, ඉන් පසුව ඔහු, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අවශ්‍යතාවයට අනුව නවතමයෙන් ස්ථාපිත කරන ලද, යුද්ධ හමුදාවේ ලාබාලතම රෙජිමේන්තුව වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට ආරම්භක සාමාජියෙකු ලෙස 2007 දී සම්බන්ධ විය.
මේජර් ජෙනරාල් ප්‍රියංග කුලතිලක ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් හමුදා ජීවිතය පුරාවට, ගජබා රෙජිමේන්තුවේ මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණ දීමේ, මාණ්ඩලික සහ උපදේශක තනතුරු රාශියක් හොබවා ඇති අතර, කැපී පෙනෙන නායකත්වය හා මෙහෙයුම් විශේෂඥතාව පෙන්නුම් කර ඇත. එතුමන් ලංකාව පුරා යුද්ධ හමුදා මෙහෙයුම් රැසකට ක්‍රියාකාරීව සහභාගී වී ඇති අතර, ත්‍රස්ත විරෝධී සහ කැරලි මර්ධන මෙහෙයුම් පිළිබඳ පුළුල් අත්දැකීම් ලබා ඇත.
1 වන යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවට අණදුන් එතුමන් පසුව 64 සහ 24 වන පාබල සේනාංකයන්හි නියෝජ්‍ය සේනාංකාධිපති දක්වා අණදීමේ තනතුරු හොබවා ඇත.
මේ වන විට 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති තනතුර හා ශ්‍රී ලංකා යුද හමුදා කැරම් සංගමයේ සභාපති,තනතුරු හොබවනු ලබයි.
ප්‍රධාන අණදෙන පත්වීම්:
- ඛණ්ඩභාර නිලධාරී - 6 වන බලඇණිය, ගජබා රෙජිමේන්තුව
- ඛණ්ඩභාර නිලධාරී - 12 වන බලඇණිය, ගජබා රෙජිමේන්තුව
- නිලධාරී අණදෙන - 12 වන බලඇණිය, ගජබා රෙජිමේන්තුව
- නිලධාරී අණදෙන - 6 වන බලඇණිය, ගජබා රෙජිමේන්තුව
- නිලධාරී අණදෙන - 4 වන බලඇණිය, ගජබා රෙජිමේන්තුව, මුලස්ථාන සහ පාලන කණ්ඩායම
- වැඩබලන දෙවන අණදෙන නිලධාරී - 3 වන බලඇණිය, ගජබා රෙජිමේන්තුව
- නිලධාරී අණදෙන - 3 වන යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුව, පාලන කණ්ඩායම
- දෙවන අණදෙන නිලධාරී - 4 වන යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුව
- අණදෙන නිලධාරී - 1 වන යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුව
- ඉදිකිරීම් භාර නිලධාරි රෙජිමේන්තු මධ්‍යස්ථානය ගජබා රෙජිමේන්තුව
- ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 3 (ක්‍රියාන්විත) - 545 වන පාබල බලසේනාව, පරන්තන්
- මාණ්ඩලික නිලධාරි 2 (භකාස) - යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය
- ප්‍රධාන උපදේශක - යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ආධුනික පුහුණු මධ්‍යස්ථානය
- සාමාසාධක නිරික්ෂණ නිලධාරි - කොංගෝ රාජ්‍යය
- ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත) - ස්වාධීන අධ්‍යක්ෂක මණ්ඩලය
- සේනාවිධායක - යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු පාසල
- ආරක්ෂක හා පාලන නිලධාරී - සුහුරුපාය
- කර්kල් ප්‍රධාන මාණ්ඩලික - 64 වන පාබළ සේනාංකය
- බලසේනාධිපති - 561 වන පාබල බලසේනාව
- බලසේනාධිපති - 582 වන පාබල බලසේනාව
- නියෝජ්‍ය සේනාංකාධිපති - 64 වන පාබල සේනාංකය
- බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික - 1 බළකාය
- නියෝජ්‍ය සේනාංකාධිපති - 24 වන පාබල සේනාංකය
හදාරා ඇති පාඨමාලා:
- කැඩෙට් නිලධාරී පාඨමාලාව - ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ (බඳවා ගැනීම් අංක SC3)
- තරුණ නිලධාරී පාඨමාලාව
- ඛණ්ඩභාර නිලධාරී පාඨමාලාව
- බළඇණි පුහුණු උපදේශක නිලධාරී පාඨමාලාව
- කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව
- සාමාසාධක නිරික්ෂක හා මාණ්ඩලික නිලධාරී පාඨමාලාව
- විශේෂ මෙහෙයුම් ඛණ්ඩ පාඨමාලාව
- කාලතුවක්කු නිරීක්ෂණ පාඨමාලාව
- ඒකක ගිණුම්කරණ පාඨමාලාව
- ජාතික ආරක්ෂක විද්‍යාලීය පාඨමාලාව
විදේශීය පාඨමාලා:
- තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - පකිස්ථානය
- කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව
- ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව
- සිවිල් වැසියන් ආරක්ෂා කිරීම පිළිබදව පුහුණුකරුවන් පුහුණු කිරීමේ පාඨමාලාව - මලයාසියාව
- ආපදා කළමණාකරන පාඨමාලාව - ඉන්දුනිසියාව
සහභාගී වූ මෙහෙයුම්:
- කින්ෆිෂර් මෙහෙයුම
- මංඩතිව් මුදවා ගැනීමේ මෙහෙයුම
- රිවිරැස මෙහෙයුම
- ජයසිකුරු මෙහෙයුම
- කිලිනොච්චිය අත්පත්කරගැනීමේ මෙහෙයුම
එතුමන්ගේ සේවය සහ කැපවීම අගයමින්, මේජර් ජෙනරාල් ප්‍රියංග කුලතිලක පහත සඳහන් පදක්කම් වලින් පිදුම් ලබා ඇත.
- නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම
- උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම
- පූර්ණ භූමි පදක්කම
- රිවිරැස පදක්කම
- උතුරු සහ නැගෙනහිර මෙහෙයුම් පදක්කම
- නිදහස් සංවත්සර පදක්කම් (50 වන සහ 75 වන ඇතුළුව)
- දීර්> සේවා පදක්කම
- සේවාභිමානි පදක්කම
පෞද්ගලික ජීවිතය:
මේජර් ජෙනරාල් ප්‍රියංග කුලතිලක මහතා අකිලා නවරත්න මහත්මිය සමඟ විවාහ වී සිටින අතර, ඔහු දියණියකගේ සහ පුතනුවනකගේ ආදරනීය පියෙකි.