Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

පැතිකඩ

මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් ලලිත් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී
(22 පාබල සේනාංකයේ සේනාංකාධිපති )


නොහැක්කක් නොමැත’ යන උද්ධෘත පාඨය පෙරදැරි කරගත් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් වන මෙතුමන් 1972 මාර්තු මස 20 වන දින උපත ලබා ඩී එස් සේනානායක විද්‍යාලය - කොළඹ වෙතින් අධ්‍යාපනය හදාරා ඇත. එතුමන් පාසල් අවදියේ දීප්තිමත් ශිෂ්‍යයකු මෙන්ම 1986 සිට 1989 දක්වා පාසල් ශ්‍රිෂ්‍යභඨ කණ්ඩායම නියෝජනය කරනු ලැබු අතර, 1991 ශ්‍රිෂ්‍යභඨ කණ්ඩායෙම් සැරයන් වශයෙන් කටයුතු කර ඇත.

1991 අගෝස්තු මස 26 වන දින පාඨමාලා අංක 36 යටතේ ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට බැදුනු මෙතුමන් 1993 ජුනි19 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් කර ඇත. එතැන් පටන්මේ දක්වා වසර 33ට වැඩි කාලයක් ශ්‍රි ලංකාවේ සෑම ප්‍රදේශයකම යුධ හමුදාවේ නොයෙකුත් නිලතල දරමින් ඉතා විශිෂ්ඨ ලෙස සේවය කර ඇත.ඒ අතුරින් අණදීම් සහ මාණ්ඩලික තනතුරු රාශියක රාජකාරින්හි නිරතව ඇති අතර, තනතුරු කිහිපයක් පහත සඳහන් පරිදිවේ.

  • ඛණ්ඩභාර නිලධාරි - 2 කරෙ,
  • කණ්ඩයම් භාර දෙවන අණදෙන නිලධාරි- 2 කරෙ
  • මාණ්ඩලික නිලධාරි III (ක්‍රියා/පුහුණු) - රෙජිමේන්තු මධ්‍යස්ථානය
  • නිලධාරි අණදෙන (පාලන)- රෙජිමේන්තු මධ්‍යස්ථානය
  • නිලධාරි අණදෙන - 2 කරෙ
  • විධායක අධිකාරි - 1 කරෙ,
  • දෙවන අණදෙන නිලධාරි - 5 කරෙ
  • ප්‍රමානි 1 (ක්‍රියා) - occ
  • අණදෙන නිලධාරි - 2කරෙ
  • පුද්ගලික ආරක්ෂක නිලධාරි - යුද්ධ හමුදාධිපති - ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා
  • පුද්ගලික ආරක්ෂක නිලධාරි - යුද්ධ හමුදාධිපති - ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
  • නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක - රෙජිමේන්තු මධ්‍යස්ථානය
  • බළසේනාධිපති - 611 පාබල බලසේනාව
  • සේනාවිධායක - කමාන්ඩෝ රෙජිමේන්තුව
  • නියෝජ්‍ය සේනාංකාධිපති - 22 පාසේමු

තවද, සිය සේවා කාලය තුල මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් දේශීය මෙන්ම විදේශීය පාඨමාලා රාශීයක් හදාරා ඇති අතර, එම පාඨමාලාවන් පහත සඳහන් පරිදි වේ

විදේශපාඨමාලා

  • කමාන්ඩෝ නිලධාරි පාඨමාලාව - ඉන්දියාව
  • නිළධාරි ප්‍රවාහන කළමනාකරන පාඨමාලාව - ඉන්දියාව
  • තරුණ නිළධාරි පාඨමාලාව - ඉන්දියාව
  • මුලික පැරෂුට් පාඨමාලාව - ඉන්දියාව
  • කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව - ඉන්දියාව
  • ජාතික ආරක්ෂක විද්‍යායතන පාඨමාලාව - බංගලාදේශය

එතුමන් හදාරන ලද දේශිය පාඨමාලාවන් ලෙස,

  • ඛණ්ඩ අණදෙන්නන්ගේ පාඨමාලාව - යුද්ධ හමුදා පහුණු පාසල - මාදුරුඔය
  • මුලික ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලාව - ප්‍රගුණ හා සැගවුණු වෙඩික්කරු පුහුණු පාසල
  • සැගවුණු වෙඩික්කරු පාඨමාලාව - ප්‍රගුණ හා සැගවුණු වෙඩික්කරු පුහුණු පාසල
  • කණිෂ්ඨ මාණ්ඩලික නිලධාරි පාඨමාලාව - ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යා පිඨය
  • ප්‍රතිපැහැරගැනීම් හා ප්‍රාණඇපකරුවන් මුදාගැනිමේ පාඨමාලාව - 4 කරෙ
  • කළමණාකරන හා නායකත්ව පාඨමාලාව - කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය

සිය ජීවිතය පරදුවට තබා ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරන ලද ක්‍රියාන්විතයන් රාශියක් සඳහා සක්‍රියව දක්වන ලද විශිෂ්ඨදායකත්වය හේතුවෙන් සිය 33 වසරකට අධික සේවා කාලයක් තුලදී දක්වන ලද සුවිශේෂි දායකත්වය වෙනුවෙන් මෙතුමන් හට පහත සඳහන් පදක්කම් පිදුම් ලබා ඇත.

  • රණවික්‍රම පදක්කම
  • රණශූර පදක්කම
  • දේශපුත්‍ර පදක්කම
  • නැගෙනහිර මානුෂිය මෙහෙයුම් පදක්කම
  • උතුරු මානුෂිය මෙහෙයුම් පදක්කම
  • පුර්ණභුමි පදක්කම
  • උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම
  • රිවිරැස මෙහෙයුම් පදක්කම්
  • 50 වන නිදහස් සංවත්සර සැමරුම් පදක්කම
  • 75 වන නිදහස් සංවත්සර සැමරුම් පදක්කම
  • 75 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුම් පදක්කම
  • 50 වන ශ්‍රිලංකා ජනරජයේ යුද්ධ හමුදා ස්වර්ණජයන්ති පදක්කම
  • සන්නද්ධ සේවා දිර්ඝ සේවා පදක්කම
  • සේවාභිමානි පදක්කම
  • සේවා පදක්කම

රන්දිමා ලක්මාලි පෙරේරා මැතිණිය හා විවාහ වී සිටින මෙතුමන් ආදරණිය දූ දරුවන් දෙදෙනෙකුගේ එනම්, එක් දියණියකගේ හා එක් පුතනුවෙකුගේ ආදරණීය පියෙකි.