?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd March 2026 07:23:40 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) බලප්‍රදේශයට අයත් කඳවුරු කිහිපයක නිරික්ෂණ සංචාරයක් සිදු කරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ආර්ඒස්පී සීටීඒෆ් ඒන්ඩීයූ පීඒස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් 2026.03.21 වන දින ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) බලප්‍රදේශයට අයත් 23 වන පාබල සේනා මුලස්ථානය, 243 වන පාබල බලසේනා මුලස්ථානය,7 ගැමුණු හේවා බලකාය, 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 16 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව යන යුද්ධ හමුදා කඳවුරු වල නිරික්ෂණ සංචාරයක් සිදු කරන ලදී.

මෙම සංචාරය අතරතුර, කඳවුරු සහ ආයතන නිරික්ෂණය කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පරිපාලන මට්ටම්, මෙහෙයුම් සූදානම, පුහුණු ක්‍රියාකාරකම් සහ සෙබලුන්ගේ සුභසාධන පහසුකම් සමාලෝචනය කරන ලදී. එසේම, හඳුනාගත් අඩුපාඩු සදහා කෙටි කාලීන විසඳුම් ලබාදීම සදහා අවශ්‍ය උපදෙස් කඳවුරු භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් වෙත ලබා දෙන ලදී.

මෙම නිරික්ෂණ සංචාරයට ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ ඒ එස් බී ඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබිලිව්පී ආර්ඒස්පී ඒන්ඩීයූ පීඒස්සී, 23 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධීපති, 24 වන පාබල සේනාංක මුලස්ථානයේ නියෝජ්‍ය සේනාංකාධීපති සහ 243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් සහභාගී වූහ.