?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

22nd March 2026 11:33:13 Hours

සෙ/ආර්102611 කාසෙ ජමුනා ඒ යන කාන්තා සෙබලිය හට ඉදිකර දුන් නව නිවස විවෘත කිරීම.

යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් යටතේ, ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) ආඥාපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ, 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමාගේ උපදෙස් මත සහ 243 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ, 243 වන පාබල බලසේනාවේ දැනට සේවය කරනු ලබන දෙමළ සෙබළියක් වන S/R102611 කාසෙ ජමුනා ඒ යන කාන්තා සෙබලිය සඳහා අලුතින් ඉදිකරන ලද නිවස විවෘත කිරීම සහ යතුර භාරදීමේ උත්සවය 2026 මාර්තු 21 වන දින මඩකලපුවේ සෙට්ටිපලම්හිදී සාර්ථකව පැවැත්විනි.

එම නිවස 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් භට පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ආර්ඒස්පී සීටීඒෆ් ඒන්ඩීයූ පීඒස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරල් ජේඒස්බීඩ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබිලිව්පී ආර්ඒස්පී ඒන්ඩීයූ පීඒස්සී, 24 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒන්එස්එස් ඩයස් ආර්එස්පී සහ 243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්ඒඩීඑස් රාජපක්‍ෂ ආර්එස්පී ඒයූඑස්ඩබිලිව්සී පීඒස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරින් සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රාහකත්වය නලින් රණවීර මහතා විසින් සපයන ලදී. එසේම, මඩකලපුව සිගින්පිෂ් සිංහ සමාජයේ සාමාජිකයන්, ව්‍යාපාරික නවුෂාඩ් මහතා සහ ව්‍යාපාරික සංජීව ද සිල්වා මහතා යන අයවළුන් විසින්ද මූල්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට මූල්‍ය දායකත්වය සපයන ලද අනුග්‍රාහක භවතුන් කිහිප දෙනෙකු, පවුලේ සාමාජිකයන්, ඥාතීන් සහ ප්‍රදේශවාසීන් ද සහභාගී වූ අතර, එය ගෞරවනීය හා සාර්ථක ආකාරයෙන් අවසන් විය.