?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th March 2026 13:10:42 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) අඥාපති තුමන් 19 ශ්‍රීලපාහ සහ 12 ගැහේබ ඒකකයන්හි නිරික්ෂණ චාරිකාවන් සිදු කරන ලදි

ආරක්ෂක සේනා (නැගෙනහිර) අඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2026.03.09 වන දින 19 ශ්‍රීලපාහ සහ 12 ගැහේබ ඒකකයන්හි නිරික්ෂණ සංචාරයක් සිදු කරන ලදි.

මෙම සංචාරය තුළ කඳවුරු සහ ආයතන නිරික්ෂණය කරමින් අඥාපති තුමාන් පරිපාලන මට්ටම්, මෙහෙයුම් සූදානම, පුහුණු ක්‍රියාකාරකම් සහ සෙබලුන්ගේ සුභසාධන පහසුකම් සමාලෝචනය කළ අතර, හඳුනාගත් අඩුපාඩු සදහා කෙටි කාලීන විසඳීමට අවශ්‍ය උපදෙස් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හට ලබා දෙන ලදි.

නිරික්ෂණ සංචාරය සදහා 23 පාබල සේනාංකාධිපති, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සහභාගී වූහ.