?
11th March 2026 13:07:17 Hours
ආධ්‍යක‍්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරී මේජර් ජෙනරාල් පි ආර් පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2026.03.10 වන දින පාබල පුහුණු මධ්‍යස්ථානය (මින්) නිරික්ෂණ සංචාරයක් සිදුකරන ලදි.
ආධ්‍යක‍්ෂ ජෙනරාල් තුමන් ප්‍රථමයෙන් නිලධාරීන් හමුවීමෙන් පසු පාබල පුහුණු මධස්ථානයේ සේනාවිධායක තුමන් විසින් පුහුණු පාසල පිළිබද සවිස්තරාත්මක විස්තරයක් සිදුකරන ලදී මෙම සංචාරය තුළ කඳවුරු සහ ආයතන නිරික්ෂණය කරමින් ආධ්‍යක‍්ෂ ජෙනරාල් තුමන් පරිපාලන මට්ටම්, මෙහෙයුම් සූදානම, සහ නිළධාරීන්ගේ සහ සෙබලුන්ගේ සුභසාධන පහසුකම් සමාලෝචනය කළ අතර, හඳුනාගත් අඩුපාඩු සදහා කෙටිකාලීන විසඳීමට අවශ්‍ය උපදෙස් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හට ලබාදෙන ලදි.
නිරික්ෂණ සංචාරය සදහා ආරක්ෂක සේනා (නැගෙනහිර) අඥාපති, පාබල පුහුණු මධස්ථානයේ සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, රැසක් සහභාගී වූහ.