?
10th March 2026 10:34:38 Hours
22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මගපෙන්වීම යටතේ 222 පාබල බසේමු බලසේනාධිපති සහ 5(සෙව්) ශ්‍රිලකාහ ඒකක අණදෙන නිලධාරිගේ පූර්ණ අධීක්‍ෂණය හා පූජ්‍ය වැලිපිටියේ ශාන්තසිරි හිමියන් සහ බටපොල ශ්‍රී සිරිධම්ම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්ගේ අනුග්‍රාහකත්වය මත අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්හට ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතු බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යාම සඳහා සහාය වීමේ ප්‍රධාන අරමුණින් 2026 මාර්තු 06 දින ත්‍රී/කන්තලේ සීවලී විද්‍යාලයේ දි සිසුන් 100 දෙනෙකු හට පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 5(සෙව්) ශ්‍රිලකාහ ඒකක සෙසුනිලයින්ගේ කැපවීම හා සම්බන්ධීකරණයෙන් 222 පාබල බසේමු වෙතින් අදාල වැඩසටහන සාර්ථකව සංවිධානය කරන ලදී.
අදාල වැඩසටහනේදී පාසල් සිසුන් හට පාසල් බෑග්, අභ්‍යාස පොත් සහ අනෙකුත් අත්‍යවශ්‍ය අධ්‍යාපනික උපකරණ ප්‍රධානය කිරිම සිදු කරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරම්භ කරන මෙවැනි ප්‍රජා සත්කාරක වැඩසටහන් හරහා ජනතාව අතර, සුහදතාව වර්ධනය කිරීමත්, සබඳතා ශක්තිමත් කිරීමත් සමඟ ප්‍රජාවන්හි දරුවන්ගේ අධ්‍යාපනය සංවර්ධනයට ද වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇත.