?
06th March 2026 10:26:23 Hours
ප්‍රජා සුභසාධනය හා සමාජ වගකීම සබැදිව යුද්ධ හමුදාවේ දායකත්වය ලබාදෙමින් නාමල් වැව ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 260 දෙනෙකු සදහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සහ ඔවුන්ගේ දෙමාපියන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් සාර්ථකව පවත්වන ලදි.
ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපනය සහ ප්‍රජා සෞඛ්‍යය සදහා සහයවීමේ මුලික අරමුණින් යුතුව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබු අතර, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් එච්ඒඑම් ප්‍රේමරත්න එන්ඩීසි පිඑස්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී විය. ඔහුගේ එම පැමිණීම සිසුන්ට, දෙමාපියන්ට සහ කාර්ය මණ්ඩලයට මහත් ආශ්වාදයක් බදු විය.
මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධිකරණ කටයුතු 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ අණදෙන නිලධාරිමේජර් එච්එල්ඩීජිපි සේනාරත්න යුඑස්පි පිඑස්සි ඒඒටීඕ ශ්‍රිලයුයුබ විසින් සිදුකරන ලද අතර, මෙහිදි පාසල් ලමුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිසුන් 260 දෙනෙකු සදහා රුපියල් 1,700,000/= ක් වටිනා පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදි. මේ සදහා මුල්‍ය දායකත්වය සාමවිනිසුරු ජීවන් ප්‍රසාද් ලියනගේ මහතා විසින් ලබාදෙන ලදි.
ඊට සමගාමීව වෛද්‍ය නලින් සහ රෝහල් වෛද්‍ය කණ්ඩායමේ මඟ පෙන්වීම යටතේ සිසුන්ගේ දෙමාපියන් සඳහා වෛද්‍ය කඳවුරක් පවත්වන ලද අතර,මෙහිදි වෛද්‍ය උපදේශණය,මූලික වෛද්‍ය පරීක්ෂණ සහ යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය ඉදිරි උපදෙස් ලබා දෙන ලදි.
මෙම වැඩසටහන් මගින් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා තුළින් ප්‍රජාවන් නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකා හමුදාවේ කැපවීම පිළිබිඹු වන අතර, හමුදාව සහ ජනතාව අතර ඇති බැඳීම ශක්තිමත් කරයි.