?
04th March 2026 09:52:03 Hours
223 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එම්ටිඅයි ගුණවර්ධන ආර්එස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම යටතේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් බලසේනාවේ හා යටතේ පාලනය වන ඒකකයන්හි රාජකාරි කරනු ලබන සෙනීන්ගේ හා සිවිල් සේවක මහතුන්ගේ දූ දරුවන්ටත්, බලප්‍රදේශයේ ජිවත් වන දිලිදු පවුල්වල දූ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ හා බලසේනාව යටතේ පාලනය වන ඒකක වෙත හා ත්‍රි/මු/ඉමාම් ෂාෆි විද්‍යාලය වෙත විදුලි ජල පිරිපහදු යන්ත්‍ර ලබාදීමේ උත්සවය 2026 පෙබරවාරි මස 26 වන දින 1430 පැයට මුතුර් සංකෘතික ශාලාවේදී පවත්වන ලඳී.
ශිර්ෂගත වැඩසටහන සදහා කඩවත කිරිල්ලවල චාමර ස්ටිකර් පුද්ගලික ආයතනයේ අධිපති යුඑම් චාමර ප්‍රියන්ත මහතාගේ ධන පරිත්‍යාගයෙන් සිදුකල අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්බීඑම්කේජීකේ වීරසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ඒයුඑස්ඩබ්ලිව්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී වු අතර, චාමර ස්ටිකර් අධිපති යුඑම් චාමර ප්‍රියන්ත මහාතා හා එම මැතිණිය හා චාමර ස්ටිකර් පුද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩලය, 223 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටිඅයිඑම් ගුණවර්ධන ආර්එස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, මුතුර් ප්‍රාදේශි ලේකම් එම්අයි ෆිර්නාස් මැතිදුන්, 15 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේ ජි ආර් එන් කුමාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ශ්‍රිලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, 2 වන ගජබා රෙමේන්තුවේ අණදෙන නිලධාරි ජිඒ සිතාර ගරෙ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, 22 වන පාබල සේනාංකයේ සම්බන්ධිකරණ නිලධාරි ප්‍රමානි I (සම්) ලුතිතන් කර්නල් බිඒසිපි බුලත්සිංහල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, මුතුර් පොලිසියේ පොලිස් ස්ථානාධිපති මංජුල ජයවර්ධන මහතා, යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ /කනිෂ්ඨ නිලධාරින්, පාසල් දු දරුවන්, ගුරුවරු හා දෙමාව්පියන් මෙම අවස්ථාවට සහභාගී වන ලදී.
මෙහිදි පාසල් ළමුන් 250 කට හා යුද්ධ හමුදාවේ සේවයේ නියතු සෙනීන්/සිවිල් සේවක මහතුන්ගේ දූවා දරුවන් 50 දෙනෙකු සදහා පාසල් උපකරණ හා මෙම බලසේනාව යටතේ පාලනය වන ඒකක වෙත හා මු/ත්‍රී/ඉමාම් ෂාෆි විද්‍යාල්‍ය වෙත විදුලි ජල පිරිපහදු යන්ත්‍ර ලබාදුන් අතර වැඩසටහන සංවිධානය කිරිම සදහා මෙම බලසේනාව වෙතින් 06 x 20 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගී වන ලදී.