?
02nd March 2026 14:14:20 Hours
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති අතිපූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නායක හිමිගේ 59 වන ජම්ම දිනයට සමගාමිව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසන පුදබිමේ “ජන සුව යාත්‍ර” නමින් සමාජ සත්කාර වැඩසටහනක් 2026.02.28 දින පවත්වන ලදි.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති අතිපූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නායක හිමිගේ ආරාධනය මත, මෙම ආරක්ෂක සේනා මුලස්ථාන (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී මෙම සමාජ සත්කාර වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
මෙම වැඩසටහනට දිඹුලාගල ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මහා පරිමාණ වෛද්‍ය සායනයක් සහ ප්‍රජා සුභසාධන වැඩසටහන් කිහිපයක් ඇතුළත් විය. වැඩසටහනේ කේන්ද්‍රස්ථානය වූ වෛද්‍ය සායනය, අක්ෂි වෛද්‍යවරුන් සහ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් ඇතුළු ශ්‍රී ලාංකික වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමක් විසින් උපදේශන සහ ප්‍රතිකාර ලබා දුන් අතර එමඟින් ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පුළුල් කරන ලදී.
කොළඹ කාන්තා සංවිධානයක අනුග්‍රහය මත සුප්‍රීම් ආයතනය විසින් සපයන ලද මාධ්‍ය අනුග්‍රහය ඇතිව මෙය සම්බන්ධීකරණය කරන ලදී. නවීන විද්‍යාත්මක හා වෛද්‍ය සේවාවන් සඳහා ප්‍රවේශය පහසු කිරීම, සමාජ සුභසාධනය ප්‍රවර්ධනය කිරීම සහ සෞඛ්‍ය සම්පන්න සහ නවීන ජීවන රටාවන් පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම මගින් දේශීය ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීම වැඩසටහනේ මූලික අරමුණ විය.
මෙම වැඩසටහන සඳහා 23 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, 231 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, සිවිල් ආරක්‍ෂක බලකායේ අණ දෙන නිලධාරි සහ සෙසු නිලයින් මෙන්ම ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්, අක්ෂි වෛදවරුන්, දන්ත වෛද්‍යවරුන්, මහවැලි අධිකාරියේ නිලධාරින්, මෙන්ම කොළඹ කාන්තා සංගමයේ සුරේඛා ගාඩිනර් මහත්මිය ඇතුළු කණ්ඩායමේ නිලධාරීන් පිරිසක්, විහාරස්ථානයේ දායක සභාව ස්වේචා සංවිධාන සහ ප්‍රදේශයේ විශාල ජනතාවක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.